පැයක් වරුවක් නොවේ දවසක්
හැඬිය හැකිමුත් ඉකිගසා
කඳුළු පොදියක් නොදේ පිළිතුර
මා අසන පැනයට දොඩා
මෙයද පාඩම මට උගන්වන
මගෙ ඉරණම පෙළගසා
දකිමි තතුසේ පවතිනා දේ
නිහඬවම දෙනුවන් වසා
සයුරු රළ පෙළ ඇදෙන වෙරළත
වියරු මොහොතක හැපී වැලි මත
බිඳෙමි දිය බුබුලක් වෙලා
හිඳිමි වැලි කැටයක් වෙලා
අදත් ලුණු බිඳුවක් වැටී ඇත
අළුත් කුසලානය පුරා
එහෙත් වැළඳිය යුතුය අමිහිර
මිහිරි ඔසුවක් සේ සිතා
මල්ලිකා එම් බණ්ඩාර
06. 06. 2020
No comments:
Post a Comment