Thursday, 25 June 2020

පළඟැටි රඟ මඬළ

නිදහසට ඇණ ගැසූ
අදහසට වැට ගැසූ
සිනහවට තිත තැබූ
මහමෙර හිසට දී
කස පහර පිරිනැමු
අරුමයකි විවාහය! 

කැමති අකැමැති දෑ  ​
දෙවරක් හිතන්නට
කිරා මැන ලිප තියා
පත අට එකට හිඳ​
කන් හැන්ද ගානේ 
පත්තියන් වෙනතුරා
බිඳෙන් බිඳ පොවන්නට
බැරිම තැනදී වුණත්  ​
ඉවසීම ඉගැන්වූ
​උරුමයකි විවාහය​

නිවනට වැට බැන්ද​
සසරට මං ඇන්ද​
සැපයයි හිතූ දෙයින්
දහ දුකම​ අත් වින්ද
කරුමයකි විවාහය​

දැන හෝ නොදැන යන​
ප්‍රපාතෙට ඇද වැටෙන
වැටුණ වුන් කිසි විට
වැටී ඇති බව නොකියන

නොලදොත් මියෙම්වා
ලැබුණොත් රැකෙම්වා
පැතූ මුත් ලද පසුව​
නයි පොළොන් විස කැවෙන​
උභතෝ කෝටිකය​
විවාහය​!

දෙවියන් එක්කරන
මිනිසුන් වෙන් කරන
ගිනි සිළුවට ඇදෙන​
පළඟැටි රඟ මඬළ​
විවාහය​!

මල්ලිකා එම් බණ්ඩාර​

25. 06. 2020

No comments:

Post a Comment