මැදියම රැයේ ඇහිලා බෙරිහන් දීම
කිමදැයි අසමි මම නිදිමත අතරේම
“ඇය” විත් නුඹ අවදි කළ බව කීවාම
අකුණක් පිපිරුණා මගෙ කන් බෙරයේම
“හීනෙන් ඇවිත් ඈ මගෙ සයනය ගාවා
නැඟිටින්නැයි කියා ඇගෙ දෝතම පෑවා”
කීමුත් දකිමි නෙත කඳුළක් නළියනවා
ඒ ගිනි පුපුරු මගෙ හිත ගිනි
මොලනවා
අතපැන් වඩා සුළඟිළි ගැට ගැහුවාම
හිත පැටලුන තැනින් ගැලවී නැත තාම
කුල සිරිතට පොරොන්දම් වල සීහීම
පිරියම් කළ හැකිද දෙහිතක් පෑහීම
මීමා මඬට ගොනු දිව යන්නේ ගොඩට
සීමා වැට කඩොලු බිඳ යයි හුරු තැනට
හානා හීය කෙවිටෙන් මෙහෙයන කලට
දෙහිතක් ගැලපේද තව කෙනෙකුගෙ අණට
මල්ලිකා එම් බණ්ඩාර
28. 05. 2020
No comments:
Post a Comment