Wednesday, 24 June 2020

මද්දුම බණ්ඩාර​

මැරෙන​ හැටි මම පෙන්වමි - මම පෙන්වමි… මම පෙන්වමි
අයියන්ඩි, නුඹ  බය වෙන්නෙපා  - නාඬා ඉඳින්-  නාඬා ඉඳින්

කන්ද උඩරට ධීර තෙද බල
පරපුරක​ බුහුමානයෙන්
පිදුම් ලත් මේ පිං බිමේ දිනු
සිංහ පෝතක වෙමිය මං

පවර​ ඇහැලේපොල දිසාවේ
මා පියා අභිධානයෙන්
මරණයට බිය නොවෙමි - ගෙල දෙමි
අසිපතට අභිමානයෙන්

උතුම් සිරි දළදා සමිඳු
දිවමන්ව හිඳිනා අනුහසින්   
මගේ රට දැය සමය මතුදා
මිදේවා මේ උදහසින්



මල්ලිකා එම් බණ්ඩාර

24.06.2020


No comments:

Post a Comment