Thursday, 11 June 2020

තනි මල​

තනි මලක් වී පිපී ඇතිමුත්
නෙළාගන්නට හිතන් නෑ
සැහැසි විණිනම් නුඹේ පිවිතුරු
සොඳුරු බව ළඟ රැඳෙන්නෑ

සාවධානව සවන් දෙනු මිස
කුරුළු කූජන තුරුමතේ
භාවනාවක බැඳී යනු මිස
පිපුණ මල දෙස වන පෙතේ

දැහැන් ගතවී නිවා සනහන​ ​
අරුමයකි නුඹ මගෙ හිතේ
දුලා මනකල් හැඟුම් පුබුදන
උරුමයකි මගෙ හදවතේ

හිමිකමක් නැති වුවද කම් නැත
අමිල වූ අගයට වතේ
දීමනාවකි සොබා දහමේ 
විඳිනු මිස අත් නොවනසේ



මල්ලිකා එම් බණ්ඩාර​

11. 06. 2020


No comments:

Post a Comment