May 5th 2022
දින සති මස් ගෙවුණි දරුවන්
මඟට වෙලා
ඉත්තෑවෝ ගුලට අණසක පතුරවලා
ගිනිගත් රට නිවන මංපෙත් ඉවත
හෙලා
ඌරෝ මඩ තළති ගාලට එකතුවෙලා
අටුකොටු හින්දුවෙන් පාලක හොරදෙටුවෝ
සාධාරණය ඉල්ලති පුරවැසි දරුවෝ
උන්හට ගිනි බිඳිති අවිගත්
නිලදරුවෝ
ලේ රස විඳිති රට කරනා අම්බරුවෝ
කන
බොන යනෙන හැම දේටම දුනු විද්ද
පාලක
පැළැන්තිය රටටම දුන් සුද්ද
යහතින්
මැදුරු වල නිදි, නැතුවම සද්ද
ලඟදිම
ගහයි අපෙ ඇඳි වතටත් බද්ද
මල්ලිකා එම් බණ්ඩාර
23. 04. 2022