Friday, 19 May 2023

දේවතාවිය මා...

 


අල්තාරයේ හිඳුවාලා

 සුදු සඳුන් දියරෙන් දෝවා

සුවඳ ධූපයෙන්  පුෂ්ප දාමයෙන්

ප්‍රදීප ජාලා දල්වාලා

වන්දනාමානයෙන් පුද ලද​

දේවතාවිය මා...

 

ඇදිලි බැඳගෙන යැද්ද යාදිනි

මතකයේ නොරැඳිනිද​ සාමිනි

ඉන්ද්‍ර චාපෙන් බින්ද​ හී-සර​

දෑත් හැඳි සිඳ බිඳ දමන ලද​ ​

 දේවතාවිය මා… 


ප්‍රේමයේ නාමෙන් තැනූ 

රන් දෙවොල ගිනිලා 

විමන් දොර හිඳ - කියා නව නින්දා

ද්වේශයෙන් පිටමං  කරන ලද​ ​

දේවතාවිය මා...


දොරින් දොර ගම් නියම්ගම් මැද​

ප්‍රේමයේ ගිනි සිළුව අතැතිව​

 භවෙන් භවයේ නුඹම සොයනා

දේවතාවිය  මා...

 

මල්ලිකා එම් බණ්ඩාර​

19. 05. 2023

No comments:

Post a Comment