Conversations on life.
ලියා නිම කළ නොහෙන කවියක්
ගයා නිම කළ නොහෙන ගීයක්
වෙලා ගත් හද සුවඳ තලියක්
මියෙන තෙක් සිත නිවන දැහැනක්
සිනා කඳුළැල් මැදත් දැල්වෙන
දොළොස් මහ පහනක්ය ලියළන
ගිරිදඹේ නැග ඉසිඹුලන්නට
වරම් දෙන් අම්මේ,
මල්ලිකා එම් බණ්ඩාර
15.05. 2023
No comments:
Post a Comment