සඳත් නැවතිලා සඳවත එබෙයි හිනහිලා
නීල නෙතු දැළේ මා නෙතු සඟළ දැවටිලා
වළාරොදක් වී පවනේ ඇදෙන හුදකලා
මගේ හිත අරන් මැණිකේ ගිහින් පියඹලා
ගිනි පුළිඟු විදින මද්දහනේ ඇතුගල මුදුනේ
රන්තාලිය වැව් දිය මත මුදු රළ බිඳුනේ
නුඹේ සිනා තඹර කැකුළු සුවඳයි රැඳුනේ
පිදූ කුසුම් මැළවුණාද වැව් තෙර අයිනේ
වත් හිමි බණ්ඩාර දෙවොල පඬුරක් පුදලා
කොච්චර යාදිනි කීවද
උත්තරයක් නොදී යන්ට ගම රට ඇරලා
සත්තයි හීනෙන්වත් නෑ වරදක් කරලා
මල්ලිකා එම් බණ්ඩාර
22.05.2023
No comments:
Post a Comment