Monday, 22 May 2023

කියග මඟිය තා...

 

කියග මඟිය තා... 

 අවුරා රැඳුණෙ මංපෙතා

 සොමි සඳ කිරණයුරු නෙතා

පැහැර ගෙන මහද විජිතය

  පතුරා අණසක දිගතා

 

තුමුල බලැති උර මඬළේ

උණුහුම සිහිළස රැඳුනේ

නිමල තෙදැති නෙතු සඟළේ

මල් හී සර වැද බැඳුනේ

 

කියග මඟිය තා... 

මෝදුවුණ යොවුන් උයනත​

පෙමක මහිම මිහිදන් කර​

කොයිබ සිට ඇවිත් කොයිබට

ගියෙද කියව තා...

 

අඳුරු ගැබේ ගිරි අරණේ

හද ලෙන දැල්වූ පහනේ

එකම පැතුම දල්වාලූ

රන් සිළ කෙලෙසද නිවුනේ

 කියග මඟිය තා...


මල්ලිකා එම් බණ්ඩාර​

22.05. 2023

No comments:

Post a Comment