Monday, 22 May 2023

කලියුගේ

May 5th 2022

දින සති මස් ගෙවුණි දරුවන් මඟට වෙලා

ඉත්තෑවෝ ගුලට අණසක පතුරවලා

ගිනිගත් රට නිවන මංපෙත් ඉවත හෙලා

ඌරෝ මඩ තළති ගාලට එකතුවෙලා

 

අටුකොටු හින්දුවෙන් පාලක හොරදෙටුවෝ

සාධාරණය ඉල්ලති පුරවැසි දරුවෝ

උන්හට​ ගිනි බිඳිති අවිගත් නිලදරුවෝ

ලේ රස විඳිති රට කරනා අම්බරුවෝ

 

කන බොන යනෙන හැම දේටම දුනු විද්ද​

පාලක පැළැන්තිය රටටම දුන් සුද්ද​

යහතින් මැදුරු වල නිදි, නැතුවම සද්ද​

ලඟදිම ගහයි අපෙ ඇඳි වතටත් බද්ද​

 

මල්ලිකා එම් බණ්ඩාර​

23. 04. 2022

  


No comments:

Post a Comment