සුදු වැලිතල මත වියළී ගිළිහුණ
බෝපත් අමදින බෝමළුවේ
හිරු නැඟ මියැදෙන දවසක කෙලවර
පින් පල ගැනමයි හිත වෙළුවේ
කෙළෙසින් පිරි සිත නිකසළ වෙන්නට
රාදොස් මොහඳුර දුරු කළයුතු වග
නොදෙසූ යතිවරු, වැලිකැට ගානට
පිං පිරෙනා හැටිමය දෙසුවේ
රා ගිනි මොළවන රත්වන මත්වන
සිතිවිලි සින්දන මඟ හමුවේ
කම්සැප උදෙසා පින්පුරනා හැටි
පමණකි අසපුවෙ බණ දෙසුනේ
ගොරතර සසරේ නොනැවත ඇවිදින
මියැදෙන ඉපදෙන බවදුක වළඳන
කෙලෙසක කවදා නිමක් දකින්නද
වල්මත්වූ මේ දිවි කතරේ?
මල්ලිකා එම් බණ්ඩාර
4. 09. 2013