Saturday, 16 March 2024

හත්වන දශකයේදී

 At the seventh decade

If there is a change in something, it becomes different. 

හත්වන දශකයේදී


දෙටු දූ කුමරි කුල​ගෙයි වෙල්විදානේ

පන්දම් වැට උඩින් සඳ වත​ දුලානේ 

 රුවගුණ සපිරි සොමි හස කැන් සළානේ 

ඇය රැජිනක් වුණා මේ ගම් තුලානේ

 

ගතවූ දසක ගණනක මතකය අතර

අප්පච්චී හිඳී ලණු ඇඳ මත වැතිර​

වැහැරුණු කයේ කැක්කුම් අතරින් පතර

අම්මා සිහින් කෙඳිරිලි මැදමය නිතර

 

අබිමන් සිහ රජෙකුසේ හඬ අවදිකර​

ගජතුන් ගමන් යන දුටු දන වසඟ කර​

ඔහු මේ ගම්පියස පොබයූ දිනිදුයුර​

අද නිහඬව හිඳී අත්පා වකුටුකර​

 

නල මුසු සුවඳ මල් පියවිල්ලෙන් ඉතිර​

දුල නන් වණින් සමනල පියසන් පැතිර

ගෙමිදුල උයන්සිරි ගත් පෙරදා නිතොර​

මහගෙයි කලඑළිය නෑ වෙනදා විතර​

 

වියපත් අතුපතර හෙවනැළි හදාගෙන​

තුරුපත් බිම හැලී තණ පත් බදාගෙන

වනපොත් කරපු දරුවෝ ලොව දිනාගෙන​

පියඹා ගිහින් දුරු රටවල් හොයාගෙන​

 

ඉර හඳ ගැට ගසා අහසේ එහා කොන​

දිවිවැට නඟා විය උර මත තියාගෙන

තරණය කරපු හත් ගව් දුර ගෙවා ගෙන​

සුසුමක් හෙලති සිඳු ඉම දෙස බලාගෙන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

3. 03. 2024

No comments:

Post a Comment