Sunday, 24 March 2024

පෙර මඟ​


සඳට රන් තාරකා

සදිසි කිරි දරුවනේ

එනතුරා - මඟ බලා

සිහින පොදියක් බැඳන්

මා අදත් ඉන්නවා

 

සිනා යායක් මවා

කියන හුරතල් කතා

ඇහෙන දකිනා වෙලේ

දැනෙන මිහිරක් තරම් 

කොයිද සැපතක් ඉතිං

 

සීත පවනේ එතී

දැනෙන සුවඳක් වගේ 

දැවැටියන් මා වටේ

සිඟිති දරු පැටවුනේ

සම්පතක් නෑ තරම්

 

ළපටි සිත් මල් තළා

බිඳුන​ ගණ වැහිවළා

ළහිරු කෙඳි තැවරිලා

ඉවත යාදෙන් හෙමින්

සොඳුරු මොහොතක් වෙලා

 

මල්ලිකා එම් බණ්ඩාර

7. 7. 2023

No comments:

Post a Comment