Tuesday, 19 March 2024

ඉඳ සල ගහෙ


 උරුවෙලා දනව්වේ - 
හරිත​ වනසන්ඩයේ 
ධවල වැලි තලා සැදි 
 රමණීය  සේනානී නිගමේ  
ඉඳ සල වන මැද සුපසන් පහයේ
වෙසඟේ පුර පසළොස්වක පොහොයරි  
 සිරි  සිදුහත් කුමරුන් දිනු ​ දිනයේ  


පව් මළ දෝවන පැන් කළසක් සේ

සව් සත සිත් නිකෙළෙස් වන විලසේ

දිව් රා දොස් මොහ මුල් සිඳිනාසේ

දැල්විණි සදහම් පන්දම් සහසේ


යක් නා දෙව් ජන ගඳඹුන් සමගිනි

සිව් නරවර සිව් හෙළයෙන් සපැමිණි 

මහරජවරු නෙක සෙන් පිරිවරමිණි 

මහ මුණි හිඳි දම් සබයට පිවිසිනි 


මල්ලිකා එම් බණ්ඩාර​

 

29. 02. 2024

No comments:

Post a Comment