නුඹ හිඳී මා අසල හිඳගෙන
හෙලන සුසුමක් ඇසෙන මානේ
ඒත් හිත වැහිළිහිණියකසේ
සැරිසරයි සක්වළ ඉමේ
අස් ලොමක දුර නමුදු අප'තර
ගව් සගව් හිඩැසක්සේ තැනී
දෙකඩ කරවන එකම කරුණක්
මහා පවුරක්වී මැවේ
දෙගම් බඩ හිඳ තැනූ පහුරෙන්
එතෙර වෙන්නට අයුරින්
රළු පරළුවී ගඟ ගලායයි
මුරුගසන් වැහි වැටෙනසේ
ගෙතූ මල් දම් නැඟූ රන් දද
චණ්ඩ සුළඟේ තෙරපිලා
තොරණ පාමුල බිම පතිත විණි
අකුණු පහරින් ගිනි වෙළා
පවුරු පදනම් සුණු විසුණු විය
නුවර දොර'ගුළු දෙදරවා
බිඳුනු අසිපත හුදකලාවිය
ඉන්ද්‍රඛීලය සසළවා
මල්ලිකා එම් බණ්ඩාර
21. 03, 2025