සඳ පහණ දියවෙලා මිහිමතට ගලන සඳ
කවුළු දොර පෙම්කෙළින ළහිරු කෙඳි අඳුර
බිඳ
තරු කැකුළු පිපෙන මැදිය මෙත්
සිටි පසෙක හිඳ
අවසරයි සමු ගන්න සෙනෙහසින් ඇඳිළි බැඳ
මඳ සුළඟ හා සමඟ සිනා වේ සිළි සිළිය
කඳුළු පිනි කැට සළිත අතුපතර දොඩමළුය
හුදකලා ඕවිල්ල නුඹට තනි රකිනු ඇති
නුහුරු නුපුරුදු මුහුණු හෙට දිනේ වඩිනු
ඇති
නිහඬ සිතිජය ඉමේ හිරු ගිළෙන සැඳෑවක
නිළඹ වෙරළේ හැපෙන දුර ඈත ඉසව්වක
නුහුරු මුත් සෙනෙහසින් වැළඳ නව දනව්වක
කෙම් බිමක් සොයා යමි ඉසිඹුලන්නට දිනක
දූ පුතුන් ගේ මතක එකමිටක මොළවාන
නික්ම යමි නිහඬවම එහෙත් සිත සසළාන
සැඳෑ සමයට උරුම මතක පොත පෙරලාන
යන්න මට අවසරයි තෙත දෙනෙත වියළාන
මල්ලිකා එම් බණ්ඩාර
24.02. 2025
No comments:
Post a Comment