වස්සානයේ මල් පිපෙන හිමිදිරියේ
හීන් අව්වැල්ලක් ලෙසින්
නැවුම් දවසක් අරන් ඇවිදිල්ලා
යන්න ඇත්නම් යළිත් පියමැන
නුඹ අතින් අල්ලා
පිනි තරළ මුතු ලතා ගිළිහෙන
නෙතු සඟළ මුල රහස් කොඳුරන
හද දෙවොල රන් පහන්දැල්වෙන
හිනා අහුරක් එකතු කරගෙන- යළිත් එනවානම්
තිඹිරි ගේ තුළ ඉපිද මියැදුන
ප්‍රේමයේ අනුහස දරාගෙන
දෙනෝ දාහක් අතර හිටියත්
අපි හිනාවෙමු හැමට රහසින්
ඒ සුවඳ ළෙහි තුරුළු කරගෙන
මල්ලිකා එම් බණ්ඩාර
11. 03. 2025
No comments:
Post a Comment