උරහිසක් ඇවසියි!
අණබෙර ලැවූ මුත්
ගම් නියම් ගම් දොවා
හෙලෙන්නට කඳුළක්
සෝදා පාළුවූ ළතෙත් නැති
මිනිස් පුරවරයේ තැනක
ඇද හැළෙන්නේ කෙලෙස
සෙනෙහසක ගඟුළක්
සිරි කාළකණ්ණි වත සේම
පිරූ පින් මදිවීද සමරන්න
පින්සර කුමරියට
හත්දොහේ රජ මඟුළක්
ගඳ කළල් ගොහොරුවේ
සූකර රැලක අභිමුව
විසුළ මුතු අහුරු මත
කුමට නම් ගෙතුවාද මල්දම්
මල්ලිකා එම් බණ්ඩාර
6. 03 . 23
No comments:
Post a Comment