කටේ කිරි සුවඳ
යන්නත් කලින්
පතා අවසර පදය පෙම්වතා
හමුවෙන්න
වැදූ මව්
ඉදිරියේ අභියෝග කරන්නී
රැහැන් පට
අතැතිව රජ්ජුමාලා
කසල කද තියා මඟ අසල බස් නැවතුමේ
පිච්චියක් අත
නැතත් මොහොතකට නතරවී
තැබෑරුම ළඟ
හිඳී සුනීතත්
ඉර හැරෙන
කණිසමේ.
මදු විතින්
බමන ගත ගිනියම්ය
අඳුන් දේදුන්න
යට නෙතු සඟල අඩවන්ය
ගිජුලිහිණි
පියාපත් සලන තෙක්
අම්ඹපාලී හිඳී
අවන්හල කෙලවරක
සුවඳ රස
මසවුලින් සැතපිලා
සුව පහසු
අසුන් ගත රිය පෙලේ
බමුණු කැත්
කුලවත්හු හඹා යති.
අදත් වෙනදා
වගේ අවන්හල ඉදිරිපිට,
සදෙව්ලෝ සැප පතන පින්වතෙකු එනතුරා
ඉපල් බේරුණ ගතින්
යදියි ඉඳුලක් පුංචි සෝපාක.
ඉපල් බේරුණ ගතින්
යදියි ඉඳුලක් පුංචි සෝපාක.
අයෝමය දොර
වැසූ වාලුකාරමයේ
දම්සබා මණ්ඩපේ වැඩ හිඳින යතිතුමෝ
නමුණුකුල වැනි බණක් දෙසනවා හැමදාක
නමුණුකුල වැනි බණක් දෙසනවා හැමදාක
ආනිසංසය ගැනම
අසදෘශ දානයේ
කලට අකලට ඇරෙන
වැහෙන තක්සලාවේ
දෙසුම් හල තනිවෙලා ඉකිබිඳිත, සුසුම්ලත
දරා ගෙන නැන
නුවණ උකටලී වූ සිතින්
දිසාපාමොක්
හිඳී සිල්ප දක්වනු පිණිස,
යොවුන් බිඟු
පෙළ ඇවිත් මඟ දෙපස රොද බඳී
දියව්! පලයව්! ගීත ගයද්දී,
යමා මහ
පෙළහරෙන් නහා සැනැහී කඳුළු පිස ගන්න.
නොදැන දහදිය
සුවඳ, පවස හා සාගින්න
දෙසන්නට
බණවරක් ලිච්චවී රජ දවස
නිරිඳු දියසෙන් වඩී පරිවාර දන සමඟ.
දස පාරමී පුරන අපේ පන්තියෙ එවුන්
ඉවසපල්ලා ඉතින් අදත් නැති හෙට පිණිස.දස පාරමී පුරන අපේ පන්තියෙ එවුන්
No comments:
Post a Comment