පින්නේ
නෑවෙන බැබිල මල වගේ
නුඹ එනවා
ඈතින්
ඉඳ හිට දවසක
මුලිච්චි වෙන්නට
කාටත්
හොර රහසින්,
අන්දර වැට ළඟ
නතර වෙලා අපි
ඉඟි මැරුවා
හොරැහින්
කල එළියක් නැති ගානට වාගේ
පහුගිය දොහේ හිටන්
නෝක්කාඩුවක් වත්දෝ මන්දා
හිටියෙත් ඉවත බලන්
නෝක්කාඩුවක් වත්දෝ මන්දා
හිනා බිඳක් නැතුවයි අත වැනුවෙත්
නොපෙනෙන මානෙ ඉඳන්
නොපෙනෙන මානෙ ඉඳන්
වංගුව පහුකර නුඹෙ රුව ඒදැයි
නෙතු යුග බලාහිඳී
නෙතු යුග බලාහිඳී
සංගුව ඇහුනා නුඹ තවමත් නෑ
ලැයිමේ දොරත් නිදී
හිත යට ලියලන
ගිනිදැල් මෙළවී
සියොළඟ වෙලා
ගනී
සිනා දොලක්වී කොයි
මොහොතක හෝ
මගේ නමට නුඹෙ හිතේ පිපුණ
ඒ හිනා කැකුළ නෙලලා
දැනේ යමක් සිදු වෙලා තියේදැයි
කව්දෝ මඟ රැකලාමුවන් කන්ද වතු යායට ඉහලින්
කුණාටුවක් හමලා
තංගමනී නුඹෙ
හිසේ තිබුණ
කිරි බාල්දියම
හැලිලා.
No comments:
Post a Comment