රිදෙන පෑරෙන ගැඹුරටම කොනහලා
ටික දොහක්
ගතවුණා අපේ හිත්
කළඹලා
නිවේ යයි
සිතෙන මුත් නොනිමි ගිනි මොලවලා
තිබෙන බව
හැඟෙනවා හිත අසල විසිරිලා
කනස්සලු හිත
බරයි ඒත් දස අත සරයි
කුමක්දෝ
ගැටලුවක් තෙරපුනා නොකර අප
හුදකලා
කල දවස ගත
වෙලා නික්ම යන දවස
තෙක්
ඇසුනේම මිනිස්
වග සුසුම් ලන හඬ පමණි
උතු නියාමය
නිසා අහස දොඩ මලු වෙලා
වළාකුළු
ඇතිරිල්ල කොහොමදෝ හිල්වෙලා
උස් පහත්
තැනිතලා කඳු මුදුන් සොලවලා
ගලන බව
දැනගෙනත් නොහිටියෙමු පේවෙලා
කොපුල් තල රතු
වෙලා දෑස් පිය බොඳ
වෙලා
වන කැළල්
පිරිමදිමු අපි
අපිම එක්වෙලා
සදාකාලික නොවු
මිහි මඬල කෙලෙසිලා
කොයිතරම්
අසරණද අපි අපිම ගොළුවෙලා
No comments:
Post a Comment