රජ තුන්
කට්ටුවක් ඇවිත් අපේ ගෙපල දොරකඩටම
සහ පිරිවර
කැන්දාගෙන මුරකාවල් සරි කරගෙන
වාහන පෙරෙහැරෙන්
ඇවිත් ගෙන් ගෙට යනවා
පොල් බෑයක්
වගේ සුදට දත් කුට්ටම පෙන්නාගෙන
අපේ සනුහරේ
වංහුං අහගෙන මං දිහා බලල
"පුතේ ඔයත්
ඉස්කෝලේ යනවද" ඇහුවා
ඉල් මහ වැහි
කුණාටුවට ඉස්කෝලේ බිමවැටුණට
උගන්නාපු එක කවියක් මට තාමත් කට පාඩම්
"මා
වැනි බිළින්ඳා - වර වර ළඟට කැන් දා
දුක් සැප
කුමන්දා - අහන නිරිඳෝ වෙන කොයින්දා"
සිදාදියෙන්
ගමට ආපු මේ බෝසත් උතුමන්ගේ
මොකද මේ තරම්
අප්පේ පපුකැනැත්ත කකියන්නේ
මගෙ දත කට
පූට්ටූවී දණිස් කටුත් වෙව්ලනවා
බලා ගනිත්වා මෙව්වා අයියානායක දෙයියෝ
තුන්සිය
හැටපස් දොහේම කුඹුරට හේනට දියවුණ
පාටක් නැති සරොන් කබල යාන්තමට ඉණ දවටන්
දිරච්ච දර
පළුව වගේ අපුච්චාගෙ කෙසඟ සිරුර
දුන්නක් ගානට වකුටුව
වැඳ
වැටෙනව එක
සීරුව
කරේ තිබුණ
අමුඩ කෙටිය අතට අරන් යාප්පුවෙන්
උත්තර බඳිනා
අන්දම බලා ඉන්ට දුක හිතෙනව.
මූණත් තහඩුවත්
එක්ක ඉලක්කමයි කතිරේකුයි
පාට පාට
පින්තූරේ අපුච්චාගෙ අතට දීල
උත්තමයෝ යන්ට ගියා අවුරුදු පහකට නොඑන්ට
මොකද්ද මේ සන්තෑසිය අපුච්චාට මක්වෙලාද
මෙන්න බොලේ පරල වෙලා ඔළුව විකාරේ හැදිලද?
කඩුල්ල පැන ගෙට ගොඩවුණ අපුච්චි නංදොඩවනවා
මෙන්න බොලේ පරල වෙලා ඔළුව විකාරේ හැදිලද?
කඩුල්ල පැන ගෙට ගොඩවුණ අපුච්චි නංදොඩවනවා
කාට ඇහෙන්නද
මන්දා මොන මොනවද කොඳුරනවා
" රාජ සබාවට
යන්නට ඒ උතුමෝ වලිකනවා
අපේ කතිරෙ හිඟා කන්ට අගුපිල්වල රිංගනවා
වැවේ වාන් දොර
කැඩිලා අවුරුදු ගාණක් පලච්චි
ඇලෙන් එගොඩ
වෙන පාලම ගං වතුරට ඇදවැටිච්චි
ඉඩෝරෙ හින්දා ළිංවල පතුලට දිය ටික උරච්චි
චන්දෙන් පහු
උන් රජ වෙයි ගම්වල අපි සෙත්තපොච්චි".
1. 05 . 2016
No comments:
Post a Comment