දෛවය, නුඹ මට සරදම් කළෙහිය!
කරටියෙන් කඩාදා නුග සෙවන
ගිනි ලවා කැණි මඬළ
අහිමි කළෙහිය හිඳි ගෙපැල
අවසන මහමඟම පිලිසරණ වනතුරු
ඉහට සෙවනක්
සොයා
ඉබාගාතේ ඇවිද
රජමැදුරකැයි සිතා ගොඩවැදුන අම්බලම
හෙට ඉරක් පායතැයි නෙත් යොමා,
දුවිල්ල උලාකා දවසැරිමි.
මුවවිටක් දරාගෙන නවපැතුම්
බලාපොරොත්තුව මිහිරකැයි අදහමින්
එද,
උඩුකුරු හිස් කළයක්ව මනසින්
පිරෙව්වෙමි පළිඟු දියදහරින් දිය ඌළගාවා
පිපාසිත දනන්ගේ සා පවස නිවන්නට
පැන් කළේ සිහිල විඳ
අම්බළමෙ සෙවන
ලද
සද් දනන් තිළිණ
කළ
සත්පුරුෂ මිනිස්වග තනනුවස්
මගේ ධන නිධානය විසුරුවමි
දඹ ගසක සෙවන යට.
කැමත්තෝ එව!
දඹ
ඵලින්
සැතපෙව!
රන් රුවන්
පළඳුව
එද,
තොපට
රිසියෙත.
No comments:
Post a Comment