Monday, 23 May 2016

බුදු දහම සහ ප්‍රත්‍යක්‍ෂ ඥානය​​


FB - ප්‍රවෘත්තියක් ඇසුරෙන් - 23.05. 2016
“මට අක්කර පහ හයක් ඇති මගෙ කෙල්ලො දෙන්නට.මේ මැරෙන ටිකට මට මොන ඉඩම්ද” ඔහු කියලා තිබ්බා.
(This is a simple note of Admiration of a man who called Mr Kapuru Banda at Padeniya for his Perception of Buddhism).

දෑස සදිසි දියණියන්ට
පඬුරක් ලෙස​ බෙදා දෙන්ට                   
ජීවිත කාලයක් පුරා
හම්බ කරපු පරිස්සමට,
තම ගම් බිම් තෑගි පිණිස​
තුන් සිත් පහදවා දෙන්ට
හිතේ උපන් කරුණාවයි 
මිල කරන්න බැරි කෙනෙකුට​

දීග තලග දෙන දුවරු වෙනුවෙන් රැස්  කළ යසිසුරු;
විපතට පත් මිනිස්සුන්ට ඉඳුම් හිටුම් දෙවනා​
මනුසත් ගුණ කපුරු සුවඳ තුන් ලොවටම හමනා
වෙසතුරු පරපුරෙන්  ඇවිත් පාරමිතා පුරනා
මොවුන් නමට දෙව් මිනිසුන් නමස්කාර කරනා

පාට, පන්ති, ලේබල් නැති,
මනුස්සකම අහස උසැති
හැබෑ දහම පුරුදු පුහුණු
කරපු මොවුන්මය දෙවිවරු.
බුදු බණ පද අරුත් දනිති
දැන නුවණින් එහි හැසිරෙති
තිස්තුන් කෝටියක් දෙවියො
සුරකීවා මේ සොහොයුරු.


Mag





No comments:

Post a Comment