මල් වැස්ස වැස්සාය
උද්‍යානය සුන්දර බැවින්
අපි උද්දාම වීමු.
සිහින් පොද යෝධයෙකු
වෙන තුරුම
අපි පෙම් කෙළියෙමු.
පසිඳුරන් සුවපත් කරන ප්‍රාර්ථනා මිස
සිතැඟි පමණක්ම සිදුවෙනු
දකින්නට රිසිය මිස
සැබෑව දකින දෙනෙත් අඳ
වූයෙන්
එලඹ සිටි සිහියක් උපදවා
ගත නොහුණි,
යෝධ සත්වයා අපව
ගිලගන්නා තෙක්ම
නිද්‍රාගතවූ සිත් තුළ
අවබෝධය පහලවූයේම නැත.
අවබෝධය තාර්කිකය.
රළුය, අමිහිරිය, බරය.
අපි ඊට බිය
වෙමු.
මල්ලිකා එම්. බණ්ඩාර
No comments:
Post a Comment