අඩ සඳව උදාවී
අඳුරු සෙවනැලි මැදින්
පුර සඳව
දිදුලන්න මගෙ ලොවේ නුඹ ගැබින්
හිතේ දුක වියැකෙන්න
පවන් සැලෙනා ලෙසින්
පුතේ අදවත්
ඇවිත් ඉඳගන්න මා ළඟින්
මන්ද මාරුතය
සේ අරුණු බිඳෙනා උදේ
කොවුල් ගීතයක්
වී නින්ද නොයනා රැයේ
වන්දනාවක යන්න
මතක සැතපුම් දිගේ
මන්ද නා කාරණා පුතුනි පෙරදා වගේ?
වැලිකතර සතපවන
සිහින් වරුසාවක්ව
පිපාසය නිවාලන
නැවුම් දිය කඳුරක්ව
යුගසවන් පිනා
යන අමා මී බඳුනක්ව
පුතු වඩීවා
යෙහෙන් නෙත කොකුම් අඳුනක්ව
No comments:
Post a Comment