අහස් උසට
හැදුව රුවන් මැදුරු
සාගරයක් වන්
අපමණ සිහින
මකුළු දැලකින්
බැඳ සුළඟ රඳවන්නට දැරූ තැත
සියල්ලම
සිහිනයකි කොහේ රඳිනිද එහැම?
රැයක් තුළ නව
ලොවක නව සිහින දකින්නෙමි
අරුණු රැස්
මිහිතලය සිපිනසඳ හැමදාම
එහැම දියවී දියැවි මැකී යයි
තණ'ග පිණි කැට සමඟ
දිනෙන් දින හදක
තෙතමනය හදකට ගලා
මුව'ග රන් සිනා මල් පොකුරු
ඇත පිබිදිලා
ළහිරු කෙඳි
මිලිනවී අඳෝනා නගද්දි
මගෙ පැතුම් ගහේ
මල් පරවි පරවී හැලේ
සිහින ලෝකය
තුළින් මිනිස් බව දකින්නට
මගෙ දෙනෙත
විවර කළ නව ලොවට එබෙන්නට
මඟිය,
ඔබ අඳුර මැද මා අතරමං
කොට
පලායන සෙයකි
අඳ දෙනෙත් යුග ඉතිරිකොට
මුලින් හද
දෙරණතෙහි පුරාලූ
පාළු මූසල
මුඩුම ගතියට
අසංකෙය්‍යික්
තරම්වු
පාලුවක් ළං
කළේ ඇයි?
(මල්ලිකා එම්.
දෙමටදෙණිය, පුස්තකාලය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය - සරසවියෙදි කුරුටුගෑ ගීයක් - 20.09.1974)
No comments:
Post a Comment