හිටී පිළිම ඔත් පිළිම හිඳින
සැතපෙන පිළිම
ශෛලමය දැවමය විශාලම සහ උසම
ඉදිවෙතත් තරඟයට
ගමේ නගරේ හෝ කළාපේ
ආගම දහම
නොපිළිපැද
නිවන් ඉල්ලන රූප වැඳ වැඳ
තවම ඇත්තේ සිහිනයක් නම්
මිත්‍යාව ලුහුබඳින
නුඹලාට
පතිරූප දේශය කොයි තරම් දුරකද?
මේකප් දැමු මුහුණට
මිහිරි හඬ සහ මුඛරි දෙසුමට
රඟති කැමරා ලයිට්
මැද්දෙන්
බෝසතුන් ඉපදී බුදුව
මිණී පළඟෙහි හිඳ කරන දේසනාව ට
සාදු කාරදෙති දනෝ
පස්වනක් ප්‍රීතියෙන්
එද, අහෝ
එහැම නළුවෝය
පව් කඳුය
පස් කඳුය
නිවන් මඟ අවුරණ.
ඉතිහාස පොතේ හිට පෙළ පොතේ පිටුපුරා
ජාතියක් ජන්මයක් කියන්නට කටපුරා
තියේනං කියාපල්ලා
දෙයක්!
තිරිසනෙක් ගෙන් පැවත එන බොලෑ ජාතකේ
රාජ වංසෙකට ඈඳන්ට
ලැජ්ජා නැද්ද
මං පහරනා හොරමුල ගෙනා නැව් කබල
තම්ඹපණ්ණියට ඇවිදින්
අහඹුවෙන් වගේ
කුවේණිට කරපු අතවරය
මදිවාට
ද්වේශ සහගතව දරුවන් සමඟ
අතහලෙන් ඇය
ගෙවාපල්ලා වන්දි
සනුහරේ උන්
පාපයේ සාපයෙන්
මිදෙන්නට
No comments:
Post a Comment