විදා කෙලෙස තනි මඟ යන්නේ
කොහොමද දුම්බර
කන්ද කපා ගෙන
දෙවුන්දරට යළි පියඹන්නේ?
කුණාටුවක්වී
රළ පෙරලෙනවා
අකුණක් බිඳුණා
වෙරළ දුරින්
පහන් කනුව ඇද
වැටුණා වාගෙයි
රුවළ බිඳුන ඔරු
කඳට වැරෙන්
පිදූ තුරුණු
පෙම පිරුවටයක් සේ
හන්තානේ කඳු
මත අතුරා
කඳුළැලි
පොදියක් අරගෙන ආවා
පුදසුන සරසන්නට
දෝවා
මහමෙර වන්
දුක උහුලනු කෙලෙසද?
උළලේණිය
ඉකි බිඳිනු
විනා
උත්පලවන්
දෙවිසඳුනි සවන් යුග
යොමා නිවන්
මගෙ සිත සොඳිනා
No comments:
Post a Comment