තක්සලාවේ
හිටන් හදාගත් දේදුන්න
පැතුම් කඳු
සිරස මත බොඳව දියවුණ වැන්න
කඩ ඉමට ළං
වුණත් කඩුල්ලේ උස
නිසා
හිටිපිම්ම පැනගන්ට
ගැම්මකුත් නැති නිසා
ඉරුණ සරසවි
සිහින කඩමල්ල ගිනි තියා,
විප්‍රවාසය
පිණිස යන්ට අවසර අපිට
තවලමට එකතුවී
වැලිකතර තරණයට
ග්‍රැනිසුප්පාවතී
ගිය මඟේ යමු යන්ට
වතීලා,
ලතාලා, ෆරීනා, යෝගිනී
කටු සැමිටි පහරකා කුරුසියේ ඇණ ගසා මියැදුනත්
පිදුරු
බිම්මල් උඩින් සත්මහල් පිපෙන්නට
අපා
දුක් විඳින මව්
පියවරුන් මුදන්නට
හිඳුනු දහදිය ගඟේ
කඳුළු දෝනාව යට
ඇට
මිඳුළු දිය වුණත් යමු නිදන්
හාරන්ට
දිය බිඳක් රැඳී
නැති තෙල උනන පොළොව යට
වැලිකතර ගිමන්
නිවනා විසල් මැදුරු
වට
සඳළුතල
මත විජිනිපත් සෙමර සැලෙන
විට
සිඳුනු
විලිබිය, බිඳුනු අතපයේ හිලව්වට,
ඇතෙක් බර වස්තු
දෑවැදි පුදමු කුලගෙයට
රටට එන
කහවනුවෙ බර තුලාවේ තියා
මව බිරිඳ
සොහොයුරිය වහල් මෙහෙයට යවා
උපයනා කඳුළු
රුපියල් මතින් පිහිනනා
රට කරන ඇත්තන්ට යස ඉසුරු වස්සනා
අපේ පන්තියෙ උන්ට කස පහර දෙවන්නට
හපන් ජගතෙක් එවන් සිව්වරම් දෙවිගණා!
රට කරන ඇත්තන්ට යස ඉසුරු වස්සනා
අපේ පන්තියෙ උන්ට කස පහර දෙවන්නට
හපන් ජගතෙක් එවන් සිව්වරම් දෙවිගණා!
No comments:
Post a Comment