සැලෙන
රන් කාසි වල සුවඳ
නුහුරුයි හිතට
ඇස නිලංකාර
විණි මන බඳින දිස්නයට
නින්ද නැති රෑයමේ තනිව කඳුලැලි බීපු
සිහිවුණා නුඹෙ
සුවඳ අලුත නම් මෙහි ආපු
ඇත්තමයි හැමදේම වෙනස් හිතුවට වඩා
වෙච්චදේ කටක්
ඇර කෙලෙස කියමිද දොඩා
අච්චු දිය
යුතු මටයි පොරොන්දුව ඇති කඩා
ඉවසන්න පුළුවන්ද
දරා දුක් ගිනි විඩා
බන්ඩි ගොයමක්
වගේ පඳුරුලා ලියලාපු
සෙනෙහසේ බිජුවටය ළය මඬ්ල වපුරාපු
සසර සරනා තුරා
රැකගන්න දිවුරාපු
පැන් කළය කැළඹුනා
නුඹ නමින් පුරවාපු
මුලා වුණ වෙලාවේ
වසඟ කළ බහ අසා
කොලෑවුණ හිතට
හීලෑ වෙන්ට බැරි නිසා
උන්ම මෙලවූ ගින්න දළුලලා තටු ගසා
නිලාවක් වෙලා
පිපුරුණා ඇස් කන් වසා
මුවෙකු සේ දිය කඳුර අසල පැන් සනහාපු
මුදුව
ගිළිහුනා මට නුඹ අතින් පළඳාපු
මසට ලොබ
කැනහිලුන් පෑදි දිය
කළඹාපු
නිවා ගත්තා
පවස කොතලයෙන් නුඹ බීපු
නින්ද
නැති තුන් යමේ නුඹ ගැනම හිතනවා
කන්ද බිඳ පුර
සඳක් සේම නුඹ එබෙනවා
වින්ද දුක්
කන්ද මට මැවි මැවී පෙනෙනවා
කිම්ද මා
සකිසන්ද මේ
වෙච්ච කාරණා ?
මල්ලිකා එම් බණ්ඩාර
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment