Saturday, 5 November 2016

අමරණීය අමරදේව!


හෙළ සංගීත ක්‍ෂේත්‍රයට අමරණීය මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයාණනිඔබට පිදෙන මගේ හෘදයංගම උපහාරයයි මේ!

හෙළ ගී උයන, මීඅඹ තුර නළවාන​
අමයුරු මියුරු ගී රොන්සුණු විසුරාන​
සඳ තරු අතර රැව් පිළි රැව් පතුරාන
නිහඬය දැයක් සුවපත් කළ​ කොවුලාන​

රළපෙල සිපගනියි දියඹෙහි දුර ඈත​
වැලිතල ඉකිබිඳියි ගොළු වෙරළෙහි මෑත​
සත්සර තනිවෙලා උල්පත ළඟ ගීත​
සඳපත ගිළිහිලා අඳුරුයි ළඟ පාත​

විකසිත පියුම් සුවඳින් සුවඳවත් කළ​
ජන හද නිවා සැනහූ පස් පියුම් විල​
වියැකිණි මෙහෙය නිමවා දිගු වසත් කල
නිම විණි දැයක් එකලූ මිණි පහන් සිළ​


මල්ලිකා බණ්ඩාර​
5. 11. 2016



No comments:

Post a Comment