සැඳෑකල
රන්කරල් සැලෙන ගම ලියද්දේ
කුඹුක් සෙවනින්
මිදී ඇදෙන
ඇල ඉහත්තෙන්
මද පවන
වෙළාගෙන ගලන වස්දඬුරාව
සවන් පත්ලෙහි රැඳී
නඟද්දී ප්‍රතිරාව
යෞවනේ වසන්තය මඟ
බලා සිටියාය.
වියන්නට බැරි
හීන මිටක් ළමැදේ තියන්
කියන්නට බැරි
ගීය නෙතු
තලාවේ ලියන්
පහන්
කණුවක්වීමි
එකලාවු කොදෙව්වක
පහන්වන තුරා
දිගු රැයම දුර ඉසව්වක
බිඳෙන රළ පෙළ
නඟන වියරු කන්නලව්වක
නුඹෙ තනුව මට
ඇහෙයි
දුර ඈත
දනව්වක
පියාපත් ලද
නමුදු දිසානතියක් නැතිව
පියාපත්
සලන්නේ කෙලෙස මා නුඹ කැටුව
කියාගත නොහැකිතැන කවිය නුඹ
හට ගෙතුව
වියාගත් පැදුර
වැරැහැලිවුණා නිදි නැතුව
පවුරු බැමි
බිඳලන්න නොදී රැකවල් ලෑව
සහස් නෙතු හී
සරින් අතෑරිනි කොල්ලෑව
විලාපයකට හැරී
අහස දියවූ පසුව
මිහි මතට
ඇදෙමු වැහි බිඳක් වී එකමුතුව
මල්ලිකා එම්.
බණ්ඩාර
19. 02. 2017
No comments:
Post a Comment