පළමු
පෙම්වතියගෙ නමින්
හඬන මගේ පෙම්බරාණ
හඬමි මමත් ඔබ
මාතින්
ගිළිහුණ දුක හිත දරාන
පෙමත් අහිමි
ඇයත් අහිමි
නුඹ වැළපෙන
හැටි බලාන
මටත් එරෙහි නුඹ වෙනුවෙන්
කෙලෙස හිඳිමි දුක බෙදාන
කෙලෙස හිඳිමි දුක බෙදාන
දසක ගණන් ඉතිහාසේ
වැළලුණ නුඹෙ පෙම් පුරාණ
පඳුරු ලලා දළු ලියලා
ඇවිත් මතක පිරිවරාන
නැකතට
සුළඟිලි පැටලූ
රන්හූ වරපට ලිහාන
පතිදම පළුදුව
ගියාද
ඇගෙ දෙණ ළඟ
හිමිසඳාණ?
අහිමිව සිහසුන
උරුමය
ගිළිහුණ
අබිමන් කිරුළු
ගිනි බත් වුණ රජදහනක
රකිමි කුමට දැළි
සුඹුලූ ?
පිළුණු පෙමක
නටබුන් මත
දෙවොලක් ඉදිකළ
වරදට
මා ඉවසිය
යුතුද තවත්
මගේ දුබල
ගැහැණු කමට?
මල්ලිකා එම්.
බණ්ඩාර
21. 02. 2017
No comments:
Post a Comment