කිරිඅප්පු
නයිදෙගේ සකපෝරුවේ දමා
පාහන්ට බැරිතරම්
මැටි වළඳ
බිඳුනා ඔන්න මේ සැරේනම්
ඉදිවෙන්ට
නැවුම් බඳුනක්ව තිර කාලයක්
උන්ඳෑගෙ දෑත් මත මැටි පිඩක් වුණේ මං
සුනු විසුනු වෙලා වී පොරි වගේ
නන්නාදුනන උන්ට පෑගෙන්ට නම් නොවේ
සුනු විසුනු වෙලා වී පොරි වගේ
නන්නාදුනන උන්ට පෑගෙන්ට නම් නොවේ
අව් වැහි අකුණු සැඩ සුළං මැද පොරබදන
ඉන්ද්‍රඛීලයක්
වන් අකම්පිත
ගැහැණියක විලස ඉදිවෙන්ට මිස,
රනින් කළ පබවතක නිමා වෙන්නට නොවේ.
ඔහු තවම ඇයට
පෙම් කරන බව දැනුනාම.
වරක් දෙවරක් නොවේ යළි යළිත්
කුඹල, නුඹෙ මැවිල්ලෙන්
කමක් කාරියක් නැති බව හැඟුණි
කමක් කාරියක් නැති බව හැඟුණි
කිරිඅප්පු
විදානේ;
අන්තීම වතාවට
බැරිද ඉදි කරන්නට මා කෙරෙන්,
බැරිද ඉදි කරන්නට මා කෙරෙන්,
අයෝමය කුවෙන්නක
දිවිදොසක් ගෙනෙනුවස් වළඳ බිඳලූ උන්ට?
දිවිදොසක් ගෙනෙනුවස් වළඳ බිඳලූ උන්ට?
මල්ලිකා එම්.
බණ්ඩාර
12. 03. 2017
No comments:
Post a Comment