Monday, 14 August 2017

ලිහීගිය කළාලය​


ගං දෑල උණපඳුරු නඟන සිරි සිරි හඬට​
සවන්දී ගලායන හන්තාන නිම්නයේ
මහවැලිය උදාසීනව හෙමින් ඇදෙන්නී 
සඳ නැඟෙයි හිරු බසියි කඳු වැටිය නිසසලයි

මීට අඩ සියවසකටත් එහා එක් දිනක​
ඔබේ සිත පිළිසිඳුන සොඳුරු කළලයක් වී 
ජනිතවුණ සරසවිය කැටිව​ නවනළු රසය 
බලන් ඒ අරුම කවසිරිමතානෙනි ජෙනිංග්ස්! 

මල්තලා ළතණ විල්ලුද පලස් බුමුතුරුණු 
අතර අද ඉදිවෙලා සිහිවටන සොහොන් කොත්
කුරුළු කූජනය මල්පවන හා මුසුවෙතත්
පෙම්වතුන් කඳුළු සුසුමන් අතර​ තනිවෙලා

මව් බිමේ ජීවනාලිය දැයේ මුර සෙබළු
කෑගසන සිනාසෙන යොවුන් ළබැඳියන් හැම​
සෙවන රැකවරණ නැති ලෝකයට බියෙන් මෙන්
නමාගත් හිසින් හිඳ විරාමෙක සුසුම්ලයි

වියාගත් අනාගත කළාලය ලිහී ගොස්
සුලකළ​'කුරු බිඳුන මියුරු තෙපලෙන් සිඳුන
කවි පෙළක් ඉබේටම ගෙතෙන්නට හදනවා
මළානික වත​ රැඳුන ගැටළු විසඳිය නොහී
මහවැලී නදී තුමු නොයා බැරි ගමන ඔහෙ ඇදෙනවා

මල්ලිකා එම්. බණ්ඩාර​

02. 09. 1984

No comments:

Post a Comment