ඉර කඩා වැටිලා විල්දියේ
සුණුවිසුණුවී විසිරී තියේ
ගිනි වෙලුන දුක් කන්ද දැකලද
දියට පැන සැඟවී ගියේ?
ඉර හඳ වගේ තිර අදිටනින්
ඇදහුවෙමි දිව රෑ දෙකේදි
හැරපට කැඩී ඉණිමඟ බිඳී
අප වෙන්වුණේ කෙලෙසද ඉතින්?
දුර ගව් ගණන් බවයෙන් බවේ
අතනෑර ආවෙමු සෙනෙහසින්
ගිවිසා ගතිමු එක හිත් දරාගෙන
ලොව දකින්නට එක නෙතින්
ගනඳුර මිසක මඟ තොට වැසී ඇත
කඳෝපැණි කණහුළු නිවී ඇත
බියකරුය නුපුරුදුය වනපෙත
දැනෙන අසරණකම නිමක් නැත
මල්ලිකා එම්. බණ්ඩාර
04.08. 2017
No comments:
Post a Comment