කුඹුරු කරන ගෙදර බුදුන්
රැ කවරණය සදන බුදුන්
කිරි පොවනා ගෙදර බුදුන්
මව් සෙනෙහස බෙදන බුදුන්
අප්පා හිරු මඬල සේය
අම්මා සඳ මඬල සේය
ඒ හිරු සඳ සෙනෙහෙ විලේ
මම තරුවක් විලස දිලේ
හිරු බැසයන අහස් තලේ
තරු මල් පෙති පිපෙන වෙලේ
සිනා සලමි කඳු මුදුනින්
මම ඉරබට තරුව වෙලා
අරුණළු කෙඳි සැලෙන උදේ
දැවටීගෙන වළා බඳේ
මුහුණ දොවා පිණි දියරෙන්
හිඳිමි පහන්තරුව වෙලා
මල්ලිකා එම්. බණ්ඩාර
16. 07. 2017
No comments:
Post a Comment