පොල් කරටි
සොලවා
සිරි සිරි
හඬින් නළවා
ගීතයක්සේ මිමිනෙන
හිමිදිරි මඳ
සුළඟ
අඩවන්
කවුළුවෙන්
ගලා
එනවිට
කුටියට
දැනෙයි අපමණ
සතුටක්!
හිරු සයනයෙන්
නැඟී
නිදිගැට හරින
කණිසමේ
සපු පුවඟු මල්
සුවඳින්
නැහැපුඩු පිරීගිය
බාල කාලය
දකිමි මනසින්
ගල්ලෑලි
පළිහට
ගල්කූරු
ආයුධය ගැටගසා
පිනි අතුල
ළතණපත්
විල්ලූද
බුමුතුරුණු මත
අකුරට ගිය
ගමන
මෙනෙහි වෙයි මියුරු
සිහිනයක් වී
මල්ලිකා එම් බණ්ඩාර
23. 08. 2017
No comments:
Post a Comment