නිසල ජලතලය මත
එකම එක ශක්ති කදම්භය
නිමක් නැති රළ මවා
මුලා කරවයි දෙනෙත
එකම සිතිවිල්ලකින් ජනිතවී
කළතමින් සිත් පතුල
සළා වැටුමක් වෙලා
නිමක් නැති සිතිවිලි සන්තතිය
උපත දෙයි රළ පෙළට
විරාමය හඹා යන දිගු ගමන
තිර පැවැත්මක් නොවී
නැවත්මක් කළයුතුය නුදුරේම
තරව සිහි ඇතිව අවදියෙන් හිඳ
මල්ලිකා එම්. බණ්ඩාර
04. 08. 2017
No comments:
Post a Comment