මිහි මඬල පය ගසා මිනිස්වග නොම හැඳින
නොදුටු දෙවියන් යදින මිනිසුනේ
හද මැදුර වැඩහිඳින දෙවි දේවතා ගණා
අවදි කර මොහොතකට විසකුරු සපුන් මවන ශුද්ධලියවිලි ඉරා
ගිනි තපින කල ඉතින් ඇවිල්ලා
ලියන්නන් කුරුටු ගෑ මිත්ගොන්න
මහ පොළෝ උරුමයට යාකරන
කේවට්ටයින් ගොතන ගජබින්න
දැයක ඉතිහාසයයි තලුමරන නුඹලාම
එළඹ සිටි සිහි ඇතිව හිඳිල්ලා
එළඹ සිටි සිහි ඇතිව හිඳිල්ලා
කාමභෝගී සුරා සොඬ අමන
රජ-කුමර මැති ඇමති රැල
ස්වේතාම්බරපටෙන් විළි වසන
සල්ලාල පැළන්තියෙ
කිළිටි සළු පිළි දොවන
දිළින්දෝ වහල් බැම්මෙන් වෙළා
කිළිටි සළු පිළි දොවන
දිළින්දෝ වහල් බැම්මෙන් වෙළා
වන්දනා මාන පුද පෙත් ලබන
කළියුගය මෙයයි දැන ගනිල්ලා
භක්තියේ කඩතුරාවෙන් ණැනස වසාගත්
මිනිස් පරපුර නිවට නියාළුව ගියසේය
අළු දූළියෙන් උපන් වග වලස් ගොර සපුනි
එක මිනිස් වගක් සේ බැඳෙල්ලා
හද මැදුර වැඩහිඳින දෙවි-දේවතා ගණා
අවදි කර දයාදර වෙයල්ලා
නුඹලාගෙ ආත්මය සුවඳ පවනක් වෙලා
විශ්වයට හැරී යන
මොහොත පැමිණෙන
තුරා
ලේ මාපිළුන් නොවී ඉඳිල්ලා
නයි-පොලොන්
විස පිරුණු
ළය මඬල හොවාගෙන
ළය මඬල හොවාගෙන
නුඹලාම වදන ලද පුතුන්හට
මිනිස් සනුහරේ වනසනු පිණිස
මිනිස් සනුහරේ වනසනු පිණිස
කිරි පෙවූ ගැහැණුනි,
එරෙහිවී දිළිඳුකම සාදුකට
පොවාපල්ලා උතුරු මිනිස්කම
අනාගත පරපුරට
එරෙහිවී දිළිඳුකම සාදුකට
පොවාපල්ලා උතුරු මිනිස්කම
අනාගත පරපුරට
කිළිටි පූජක රැලට දණනමා
ස්වකැමැත්තෙන් විලංගුව පැළඳි
අඳබාල ගැහැණුනි,ස්වකැමැත්තෙන් විලංගුව පැළඳි
සදෙව් ලොව දකිනුවස් හූල්ලා
අපා දුක් විඳ මෙහිම දැවී අළු වෙනු මිසක
"කාන්තා දිනය"
සමරනු තබා
මනුසතෙක් වදන්ට බැරි
තොපට
තවත් කප් සුවහසක් මේ
නිරේ පැසෙනු හැර
සුගතියක් නොවන්නෙන්
පුළුටු ගඳ ඉව නොකර මඟ දිගට
පාප කැළි කුණු කසළ මුදා හැර
මිනිස්කම කිරට හරවනු පිණිස
මිනිස්කම කිරට හරවනු පිණිස
ඉතින්වත් වරෙල්ලා පෙරමුණට
මල්ලිකා එම් බණ්ඩාර
8. 03. 2018
This comment has been removed by the author.
ReplyDelete