Thursday, 27 August 2020

විප්‍රවාසයේ රිදුම්

 2004 අවුරුද්ද මගේ ජීවිතයේ අමතක නොවන පරිච්ඡේදයක් සටහන් වුණ වකවානුවක්. ජනවාරි 21 වෙනිදා මං තනියම ලංකාවට ආව.​  ගෙදර එනකොට පාන්දර හතර හමාරයි. අම්මා ඇඳේ වාඩිවෙලා හිටිය​.

"අම්මා නිදි නැද්ද ?" මං අම්මාගේ ඇඳ ළඟට යන ගමන් ඇහුව​.

"නින්ද යන්නෙත් නෑ. මං කන් දීගෙන රෑ දොළහට හැමදාම එන අහස් යන්තරේ ගේ  උඩින් එනව. ඇයි මෙච්චර පමා කියලා හිත හිතා හිටියෙ". අම්මා කීව​.

" පැය එක හමාරක් ගියා එළියට එන්ට. හැතප්ම ගානක් වෑන් එකේ එන්නත් එපායැ. ඉතින් මේ එනවම තමයි. 

"කොණ්ඩේ අවුල් වෙලා මං අම්මාගේ විසිරුණ දිගු කෙස් කළඹ සකසමින් කීව."

සාමාන්‍යයෙන් අම්මා මේ විදියට අවුල්වී විසිරුණ කෙස් කළඹක් තියාගෙන  ඉන්නෙ නෑ ඉස්සර​. උදේට ඇඳෙන් නැඟිටින්නේ කොට්ටය යට සඟවා ඇති මී අං පනාවෙන් හිස  පීරා ක්‍රමවත්ව කොණ් ඩය බැඳ ගෙනය. මින් පෙර මා දැක නැති තරම් වයස්  ගත​වී ඇති හැටි දැකීමෙන් මා තුළ සංවේගයක් පැළපදියම් වෙන්නට විය​. වෙනදට වඩා හරි අඩක් පමණ අම්මාගේ කෙස් අළු පැහැයට හැරී ඇත.

අනතුරුව අම්මාගේ ඇඳේ වාඩිවී සිටි මා සමඟ කතා කරන අතරම ආලින්දය දෙසට කීප වරක් අම්මා එබී බැලුවාය​. හිතේ මොකද්දෝ කලබලයක්!

 අම්මා නොසන්සුන්‍ ය​.

"කෝ පුතා?"

බැරිම තැන ඇය ඇසුවාය​.

"අයියෝ අම්මා... බෑණා ගැන අහනවා. දුව ළඟටම ​ඇවිත් ඉන්නවා". මම කීව​.

ගෙදර හිටිය හැමෝම සිනාවුණා.

" ඇයි තනියෙන් ආවෙ?"

ඊළඟ ප්‍රශ්නෙ.

"තනි කොහෙද​ අහස් යන්තරේ ? තුන් හාර සීයක් හිටියනෙ".

'ඒ වුණාට තනියෙන් එන එක හොඳ නෑ පොඩිදුවේ'. අම්මා එහෙම කීවෙ දැඩි සංතාපයකින්.

"අයියෝ මම හීංඑකියක්ද?" උපහාසය මුසු හඬින් මං ඇහුව.​යම් කාරණයක් සැහැල්ලුවෙන් සලකා අම්මා හිනා ගැස්සීමට අවශ්‍ය වූ විට අම්මාගේ භාෂා ශෛලිය අනුකරණය කිරීම මගේ පුරුද්දක් විය. ​

මං අම්මා එක්ක කතා කරන්නෙ ඒ විදියට. එහෙම සමීපව කතා කරන්න මං පුරුදු වෙලා හිටිය.ඔය ‘tone’එකෙන් ඕනම දෙයක් කතා කරල බේරා ගන්න  හැකිවුණා. හාස්‍යය සමඟ බැරෑරුම් දෙයක් වුණත් කතා කළෙ ඒ විදියට​.

 " හීං එකියක් නං නෙවෙයි තමයි. පුතා එක්ක එන්ටනේ තිබුණෙ".  නෝක්කාඩු ස්වරයෙන් අම්මා කියනව​.

"හැමදාම ඉතින් ජෝඩුදාලා යන්ට  එන්ට ඕනයැ". මං කීවා.

"එහෙම යන්ට එන්ට පුළුවන් නං කොච්චර හොඳද​?"

"දෙන්නම ඇවිත් කොහොමද​? ළමයින්ට කෑම බීම හදලා දෙන්ට එපායැ".

"පුතාට උයන්ට පුළුවන් ද​?"

"කිරිඅම්මේ, බෑණට දැන් හොඳට උයන්න පුළුවන්ලු". තරුණ මිණිබිරියක් එහෙම කීව​.  

"උඹ මගෙන් මොකවත් අහගන්නෙ නැතුව හිටපං, හරිද​?"                           අම්මා  තර්ජනාත්මකව මිණිබිරිය දෙස බැලුවා.

"නුවරදි වගේම තමයි. අපි දෙන්නම උදේ පහටනැඟිටලා උයනව.  ළමයින් ගෙ කෑම  පාර්සල් හදලා, අපේ ඒවත් හදාගෙන​ අපිත් යනව වැඩට"​ලොක්කා හයට පිටත් වෙනවා. නැත්නම් පාර්කිං අමාරුයි. අපි අනික්  දෙන්නත් එක්ක, හයයි හතළිස් පහට පිටත් වෙනවා. විනාඩි දහයෙන් පහළොවෙන් යන්ට පුළුවන් දුර විශ්ව විද්‍යාලය තියෙන්නෙ. උදේට “traffic”වැඩියි”.

“පුතා ලව්වා උයවනවාද​?”

ආයෙත් අම්මා අහනව​.

“ඔව්! ඇයි? මොකද්ද වැරැද්ද ඉතිං?” අම්මට කෙනිත්තිල්ලක් කරන්ට හිතාගෙන මං උත්තර දුන්න​.

‘වැරැද්දක් නං නෑ”. අම්මා කීවෙ ඇදලා පැදලා වගේ. 

“අපේ තාත්තත් ඉව්වනේ. මතක නැද්ද​? මට මතකයි තාත්තා අර පල්ලෙහා තිබුණ ළිඳෙන් අපි තුන් දෙනා නාවලා අම්මටත් වතුර ඇදලා දෙනවා ඒ දවස් වල”​.

 "දුන්නා තමයි අපරදෙ කියන්ට බෑ".

“අපි දෙන්නම ඉගෙන ගන්නවා. වැඩ කරනවා. ගෙදර වැඩත් ඒ වගේ බෙදා හදා ගෙන කරනවා. අපොයි මෙයාගෙ බෑණට තියෙන ආදරේ”. මම අම්මට හිනාවුණා.

“ආදරේ නැතුව මොකද​. ඒ දරුව අපේ පවුලෙ දරුවෙක් නෙ”.                        මදක් කල්පනාකාරීව ඉඳලා ආයෙත් හඬ අවදිකළා ටිකක් ගැඹුරු විදියට​.

"ඔය සුද්දෝ හරි වනචරයි. තනි පංගලමේ ගෑණු කෙනෙක් එහෙමෙහෙ  යන එන එක​ හොඳ නෑ".

"ඒ මිනිස්සු එහෙම පැනලා කරදර කරන්නෙ නෑ...අම්මලා අහලා තියෙන්නේ ඒ කාලෙ, අම්මලා කෙල්ලො කාලෙ... ලංකාවට ආව මිනිස්සු ගැන... දැන් ඒ රටෙත් අපි එකට වැඩකරනවා.මෙහෙ  මිනිස්සු වගේ කුඩා ළමයෙකුගෙ වුණත් ඇඟට අත ලියලා කතා කරන්නෙ නෑ. පුංචි දරුවෙක් අම්මගෙ අතේ ඉඳලා  හිනා වුණොත්. අම්මා කියනවා ළමයට, "අඳුනන්නෙ නැති අයත් එක්ක හිනා වෙන්න එපා කියල"​.

'හැබෑට​?".

“ඔව්! අපේ දුව වුණත් බය නෑ. ඕනම තැනක තනියෙන් යන්න. මෙහෙට වඩා ආරක්‍ෂා  සහිතයි”​.

 ගෙදර තරුණ ළමයි පස් දෙනෙක්. එකම ගාල ගෝට්ටීය. කෙලවරක් නැති  ප්‍රශ්න වලට ගැලපෙන විදියට මම උත්තර බඳිනවා.

"එනවා එනවා කියලා ගමන කීසැරයක් නං කල් දැම්මද​.මං හිතුව මේ සැරෙත් මං රැවටුවාවද්ද කියලා".

අම්මා නෝක්කාඩුවක ස්වරූපයෙන් කීවම මා තුළ ඇතිවුණේ සාපරාධී වරදක්කළාය යන හැඟීමක්.

 "කීයක් දේවල් නං එකලස් කරලා එන්න එපාද අම්මෙ".

මං නිදහසට කාරණාවක් විදියට කීව”​.

උපන් ගෙදර කියන්නෙ  ළමා කාලෙ නං කෙළිමඬළක්. තරුණ කාලේදි ආධිපත්‍යය හසුරුවන්නට හුරුවෙන පාසලක්. විවාහ වෙලා ගෙදරින් පිටවුණාම, ගැහැණියකට තමන් ගේ තැළුණ පොඩිවුණ හිත හදාගන්නට දුවගෙන එන්න හිතෙන ඔසු හලක්. අම්මා ඒ ඔසුහල බාර වෙදනා. මොනව වුණත් වේලක් ඇර වේලක් කාලා හරි අම්මත් එක්ක ඉන්න එක  කොච්චරනං අපූරු දෙයක් ද​? මට හිතුණා. ඉඳි ආප්ප තැම්බෙන සුවඳ, කිරි හොද්ද ඉදෙන සුවඳ. ​කුස්සිය පැත්තේ මහා සූදානමක් බවට සද්ද​-බද්ද​. එළිය වැටෙනකං ඉන්න බැරි තරම් හදිස්සියි. කෝපි සමඟ අළුවා සාලෙට එනවා.

එළියේ ළිඳෙන් නාලා මං එනකොට කෑම මේසෙ ලෑස්තියි. අපි ඔක්කොම එකටඉඳගෙන උදේ හය වෙන්ටත් ඉස්සර වෙලා කෑම කෑවා.

අක්කා මගෙ කණට කරලා කියනවා, " ආවේ ඇයි කියලා හරියට පැහැදිළි කරලා කියන්ට අම්මට"​.

“ඇයි අම්මා මොකද කීවෙ?”

“පොඩිදුව තනියම ආවේ පුතත් එක්ක දබරින්ද කියලා ඇහුවා”.

අක්කා ඇහෙන නෑහෙන ගාණට කියලා හිනවුණා. ළමයිනුත්  හිනා වුණා ඒකට​. අම්මා හොඳටම බැන්නා ඒගොල්ලන්ට​. 

“අම්මා, මං තනියම ආවේ මාසයක් විතර අම්මත් එක්ක ඉඳලා යන්ට. අම්මා මං නැතුව දුකෙන් ඉන්නවා කියලා මේ අය කියලා එවලා තිබුණා. මටත් ආසයි අම්මා ළඟ ටික දවසක් ඇවිත් ඉඳලා යන්ට. ඒ හින් දයි තනියම ආවේ. 

මතකද මං ගිය සැරේ ඇවිත් යනකොට අම්මා ඇඬුවා. හරියට මං මැරිලා කන-ත්තට අරන් යනවා වගේ"

"ඔන්න අපි කීවෙ ඒකතමයි කිරි අම්මට. නැන්දා යනකොට අඬන්ට එපා කියල"​

"උඹ කට වහපන්! එනවා නැන්දම්මකං කියන්ට මට”. අම්මා මිණිබිරියට කඩා 

පැන්නාය​. ​

“එහෙනං අරකත් කියනවා! මිණිබිරිය නැවත යමක් සිහිපත් කළාය​.

“මොකද්ද​? කියන්ට බලන්ට " මම ඇහුවා.

“නාන්ට කම්මැළියි කියලා…”.

"මම හැමදාම නානවා. කට්ටිය වතුර පුරවලා දෙනවා බැරල් එකට”​. අම්මා කියනවා.

“හැමදාම නාන එක හොඳයි. හොඳ ගෑනුළමයා වගේ”. මං අම්මගේ කරට අත දාගෙන කියනවා.

"නාන්ට කම්මැළි කරනවා කියලා නංගී සැර කරලා. ඒකට කිරි අම්මට දුක හිතිලා".

"ආදෙන්කො මගෙ මැණිකේ ඊළඟ සැරේ. මං හොඳ පාඩමක් උගන්නන්නංකො" කියලා කිරිඅම්මා කීව​.

"ඕගොල්ලො සැර කරන්ට එපා. ටිකක් එයාට ඕන දේත් කරන්ට දෙන්න”​. මම කීව​.

අම්මා මිණිබිරිය දිහා හොරැහින් බැලුවා.

“සැර මදිද පාඩම කිරි අම්මා?” දැරිය ඔලොක්කුවට වගේ අහනවා.

"ගතු කේලං කියන්ට ඉගෙනගන්ට එපා". අම්මා උත්තර දුන්නා.

පහුවදා උණු වතුර නාලා කොණ්ඩෙ ලිහාගෙන අම්මා පවුලේ අයත් එක්ක සතුටු සාමීචියේ හිටියා. වැඩිහිටියෙකු විදියට නිදහසේ අම්මා එක්ක ගත කරන්නට ලැබුණ එක කොච්චර වාසනාවක්ද කියලා මට හිතුණා.ඒ දවස් ටික වේගෙන් ගෙවුණා. අම්මා හිටියෙ හරිම සන්තෝසෙන්. ගෙදරට වැඩිපුර නෑදෑයොත් ආව ගියා. 

අපි කුඩා කාලේ කරපු කියපු දේ අම්මා මතක් කරනවා. අපි ගිය​ ගමන් බිමන්, කරපු තක්කඩි වැඩ නිමක් නෑ. ඒ අතීතාවාර්ජනය සඳහා ලැබුණ මිලකළ නොහැකි දවස් මගේ ජීවිතේ අළුත් නැම්මක්, සන්ධිස්ථානයක් වුණා කියලා මට හිතුණා. මාසයක් අම්මත් එක්ක ඉඳලා, ගමේ ගෙදර ඉඳලා ආපහු එනකොට මට මගේ හදවත ගලවලා තියලා එනව වගේ දැනුනෙ. අන්තිම දවසේ අපි ආයෙත් වෙන්වුණේ මහා බරක් හිතේ දරාගෙන​. ගුවන්තොටුපොළට ඇවිත් ගතවුණ පැය තුන මං තනියම ඇඬුව​.වියපත් ගැහැණියකට ඒ තරම් පහසුවෙන් දැරියක වීමට හැකිදැයි මට හිතුණා.           රෑ හතට ගුවන් තොටුපොළෙන්, ගුවන් යානය පිටත් වෙලා පුංචි විදුලි බුබුළු නොපෙනී යනතෙක් මං කවුළුවෙන් බලා ගෙන හිටියා. කෝවක් වගේ මගේ හිත උණුවෙලා වැක්කෙරෙනවා. හරියට තියුණු සැතකින් හරි මැදින් මගෙ ශරීරය දෙපළු කර වෙන් කරනවා වගේ වේදනාවක් පුපුරු ගහනවා. දරුවන් තුන් දෙනා සමඟ දුරස්ව සිටීම  නිසා මට දැනෙන දුක වගේම අම්මාගෙන් වෙන්වෙන්නට වීම දරා ගත නොහැකි තරම් දරුණු වේදනාවක්.

පැය හතර හමාරක් ගතවෙන තුරු මගේ ‘note-pad ‘එකේ හිතට එන හැම දේම ලිය ලියා ආවා මිස ඇහැක් පියා ගන්න තරම් හිතට  සහනයක් නෑ. උදේ හතට සිංගපූරුවට ඇවිත් හවස හය වෙනකං පැය නවයක් සිටිය යුතු වුණා. තවත් පැය  නවයක් ඊළඟ “flight”එකේ ගත කරන්ට වෙනවා. Auckland වලට යනකොට උදේ දහය වෙයි.  එතෙක් මා අහසත් පොළොවත් අතර වගේම  ලෝක දෙකක් අතරේ හිර වෙලා සියළු දුක්ඛ දෝමනස්සයන් අතර හිර වෙලා දියෙන් ගොඩදාපු මාලුවෙක් වගේ හිටියා. ඒ තරම් සංකීර්ණ අයුරින් මං ජීවියතේ පළමු වතාවටත් අවසාන වතාවටත් තනිවුණා කියලා මට දැනුණෙ එදා. 

 

මල්ලිකා එම් බණ්ඩාර​

නොවෙම්බර් 2004.

 

Sunday, 23 August 2020

මුහුණු පොතට ආරාධනා

 (Facebook friendship request)

අද උදේ අවදිවෙලා මුහුණු පොතට කර පොවලා එබී බැලුවා. හත් දෙයියනේ ‘Friendship request’ 121 ලිස්ට් එකක් මගේ FB සටහන් වෙලා තියෙනවා. FB Admin කියනව "Accept or delete" කියලා දැක්කම, මට හිතුණා ඇයි මේ අය “friendship” ඉල්ලන්නෙ කියලා. මේ ඉල්ලීම් පිටුපස විවිධ හේතු කරුණු කාරණා අන්තර්ගත වෙලා තියෙන බව පෙනෙන්ට තියෙනවා.

සමහරු ‘request එක ‘conform’ කළදා ඉඳලා උත්සාහ කරන්නෙ අපිට බලහත්කාරකම් කරන්න​. අපිව අත් අඩංගුවට ගන්නජීවිතේට අහලා නැති දැකලා නැති කිසිම සම්බන්ධයක් නැති අය තමයි 95%ක්ම​. “Social media” යන වචනයේ තේරුම ගත්තොත් සමාජ මාධ්යයකට දැන ඇඳුනුම්කම් අවශ්යම දෙයක් නෙවෙයි තමයි. හොඳයි දුන්නම කියමුකො. ඉතින් එච්චරයි! එක වචනයක් කතා කරපල්ලා. දන්න භාෂාවකින් Hallo! Hi! කියලාවත්.එතකොට දෙවන පියවර මගෙනෙ. අපිට බැරිද ඊට පස්සෙ සුහදව කින්ද-මන්ද විස්තර කතා කරන්න

තවත් අය “friendship”දුන්න ගමන් බ්ලොක් කරනවා. මගේ පේජ් එක “Scroll කරලා බලනවා. මගේ විස්තර දැනගන්නවා. ඉතින් එච්චරයි! සමහරු ගිජු කමක් දක්වනවා ඒ අය අහපු ඕපාදූප නැත්නම් තොරතුරු හරිද වැරැදිද කියලා තහවුරු කරගන්න​. ඊට පස්සෙ ආයේ හාවක් හූවක් වත් නෑ.

තවත් සමහර අයට ඕන අයගේ ‘belief”එක අනික් අයට ඒත්තු ගන්නන්ට​, නැත්නම් "බෞතීස්ම කරන්ට. බුද්ධාගමට, ක්රිස්තියානියට.  එහෙම නැත්නම් අපි නිවනින් ඈත, ඒ අයනම් නිවනේ දොරටුවට ළං වෙලා. ඒ නිසා ඒ අයට ඕන අපිටත් නිවන් දොර ඇරලා දෙන දොරටුපාලයෝ වෙන්න​. සමහරු කතා කරනව අපිට ගැලවීම ලබා දෙන්න​.  අය  තමන් අදහන ආගමේ මූලික ඉගැන්වීම් පිළිපැදීම වෙනුවට,   අයගේ ආගම අපිට උගන්වන්ට​,"Come and walk with Jesus" කියනව​.      ​                                                                                    බුදුන් හෝ ජේසුස් කරන්ට කියපු දේ අනුගමනය හෝ අනුකරණය වෙනුවට ඒවා පැත්තක තියලා, අපිට  චාරිත් වාරිත් ඉගැන්වීමට කතා කරනව​. අනික් මනුස්සයා එයාගේ ආගම ජීවිතයට සම්බන්ධ කරගන්නේ මොනවිදියටද යන්න ගැන අබමල් රොනක තරම්වත් තැකීමක් නොකර මෑත කාලයේ ආගමික වතාවත් අතර ප්රචලිත ඇවතුම් පැවතුම්, පුද පූජා විධි ගැන අපිට දේශන පැවත්වීමට සමහරු දේශනා කරනව​. 

සාධුකාර දෙන්න  පිංවත්නි කියනව​. ආමෙන් කියන්න කියනව​. රටේ ඉතිහාසයවත්, ආගමික ඉතිහාසයවත්, දේශපාලන ඉතිහාසයවත් හරිහැටි නොදැන,​  මදිවට​ මිත්යා මත වපුරන එක මදිවට,​ තමන් ගේ නොදැනුවත් කමට අනුන්ටත් අනුමෝදනා වෙන්න සලස්වන්න​ බොළඳ උත්සාහයක් දරනව.

21වන සියවසේ දෙවන දසකයට එළඹ ඇති ලෝකයක “internet” එකේ ඕනම තොරතුරක් දැන ගැනීමේ ඉඩකඩ තිබියදී, උගත් නූගත් භේදයකින් තොරව වැදගත් නොවැදගත් හැම කුණුගොඩමTag” කිරීම, තවත් අය කරන්නේ අනික් අය නොදරුවෝ කියලා හිතාගෙන​.එහෙමත් නැත්නම් Internet invent කළේ ඒ අය කියලා හිතාගෙන.​

“Tag” අතර සුභපැතුම් පින්තූර, පණ්ඩිත වාක් වගේම තමන් විද්යාත්මක, දාර්ශනික පොත පත පරිහරණය කරන කෙනෙක් බව පෙන්වීමට අවශ් උපුටා ගැනීම් ආදිය කෙලවරක් නැත​. මෙවැනි වෙහෙස කර පොස්ට් වලින් හෙම්බත්වී සිටින මොහොතක තවතවත් ලිස්ට් එක දීර්ඝ වන දෙස ඉවසීමෙන් බලා සිටිමි. අඩුම ගණනේ දෙතුන් දහස ඉක්මවූ “Friend list” එකක් පසුගිය අවුරුදු පාළොහකටත් වැඩි කාලයක් තුළ වර්ධනය විය හැකිව තිබුණ මුත්, වරින් වර විස්සේ තිහේ ලැයිස්තු “delete” කරන්නට කීවාරයක් සිදුවීද? 

තවත් සමහරු “ friendship” දුන්න ගමන් "messenger calls" දෙනවා. වෙලාවක් කලාවක් බලන්නෙ නෑ. රෑද දවල්ද කියලා අවබෝධයකින් තොරව “call” කරනවා. එහා පැත්තේ ඉන්න මනුස්සයා මොන රාජකාරියක නිරතවෙලා ඉන්නවද කියලා කල්පනාවක් නෑ. සමහර වියපත් තනිකඩයෝ පාළුකපන්ට කෙනෙක් හොය හොයා ඉඳලා වෙන්න ඇති රෑට “calls” දෙනවා. අර පැල් රකිමින් හිටිය ගමරාළගේ පැලට ගොඩවැදුන හොරිකඩ සිංහයාට අහුවෙච්ච ගමයාට වගේ, අයට නින්ද නොයන නිසා අපිටත් හොරි කහ-කහ ගිනි පිඹ-පිඹ ඉන්ට බල කරනවා. පුංචි කාලෙ අපි අහලා තිබුණේ, ගමයා ගිනිහුල කොටියගේ පස්චාත් භාගයේ තියපු බව​. 

රෑ දහයෙන් පස්සේ දුරකථනයට පිළිතුරු නොදෙන තරමට "මෛත්රී" තීරණය කරන්ට ඇත්තෙත් මොනතරම් නම් බුද්ධිමත් විදියට හිතලා වෙන්ට ඇද්ද​?’ කියලා එහෙම වෙලාවට මටත් හිතෙනවා. රාජ් නායකයෙකුට තම රාජකාරියට දිවා රාත්රී නොබලා තම නිලයට අදාල යුතුකම් වගකීම් වෙනුවෙන් කැප වියයුතු නමුත්, ඔහු රෑ දහයෙන් පස්සේ නිදාගෙන, උදේ නිදි ලොවෙන් පියෙවි ලොවට පැමිණ, රෑ දහයෙන් පස්සේ ලෝකය කැරැකුණාද​, නතර වුණාද කියලා නොදැන​, ලෝකෙට වුණේ මොනවාද කියලා පුවත්පත් වලින් දැන ගන්න තීරණය කරපු එකනම් හොඳම ආදර්ශයක් කියලා හිතෙනවා. මිත්‍රකම් හොඳය. එහෙත් ඇණයක් වීම​?

 

මල්ලිකා එම් බණ්ඩාර

23. 08. 2020