Sunday, 16 August 2020

මිණුම් දඬු

“කාන්තාවන්ම තවත් කාන්තාවක් ලස්සනයි කියන එක කොච්චර ලස්සනද​?" කියලා කෙනෙක් fb කොමෙන්ට් එකක ලියලා තිබුණා. කාන්තාවෝ එහෙම කියන්නෙ ඇත්තටමනං, ඒක මොනතරම් ලස්සනද කියලා මට හිතුණා.

මගේ ජීවිත කාලෙදි අම්මා ඇර වෙන කිසිම කෙනෙක් මම ලස්සනයි කියලා  කියනවා මං අහලා නෑ. ඕනම අම්මා කෙනෙකුට තමන්ගෙ දුව ලෝකෙම ඉන්න ලස්සනම කෙල්ල​. රාජ කුමාරී! ඉතින් අම්මා කියන දේ බොරු කියන්නෙ නෑ කියන විශ්වාසය මාතුළ මුල් බැස ගෙන තිබුණ නිසා මම සෑහීමකට පත්වුණා.

කව්වුරුන් හෝ මට හෙලාතලා කතා කරාපු වෙලාවක වෙන්න ඇති අම්මා එහෙම කීවෙ.

මට යාන්තම් මතක විදියට අපේ නෑදෑයෙක් එයාගේ දුවගෙ රූපශ්රීය වර්ණනා කරලා අපේ දුව ලස්සනයිනෙ නිසා පණිවිඩ පිට පණිවිඩ එනවා දැන්. මෙයාගෙත් දැන් කලවයස හොඳයි නේද​'යි ඇසුවාය​.

තව කොහෙද, මඟුල් තුලා කතා කරන්නෙ. එයා තවම ඉස්කෝලෙ යනවනෙ. ඔය විශ්ව විද්යාලෙ යන්ටම ඕන කියලා කියන්නෙ. නැත්තං ලොකු නෑනාට ඕන වුණා මගේ දෙන්නගෙන් කවුරු හරි එහෙ පුතාල තුන් දෙනාගෙන් කාට හරි පාහන්ටතිබුණා. ලොකු දුවත් බෑ කියනවා. මෙයා කොහොමටවත් කැමති නෑ. "

මගේ හිත පෑරෙන්නට ඇතැයි අම්මා හිතුවාදැයි නොදනිමි. අම්මා මගේ හිත හැදෙන අයුරින් අම්මා කීවාය​.

ළඟම ඥාතියා නිශ්ශබ්ද වූවාය​. ඇය පිටත්වූ පසු අම්මා මෙසේ කීවාය​.

"රාජ කුමාරයෙක් නැතත් උඹ අරන් යන්ට පෙරහැරේ එයි මිනිස්සු!”

මම ඉස්කෝලෙ යන කාලෙවත්,පේරාදෙණිය වි. වි කාලෙවත් කිසිම කාන්තා පක්ෂයේ කෙනෙක් මට ලස්සනයි කියලා නැහැ. වරක් රාමනාදන් හෝල් එකට ආව කොළඹ වි. වි.ශිෂ්යාවක් මාව දැකලා මං ළඟට ඇවිත්,

"ඔයා හරියට ".... වගේ" කීව​.

කාලේ ජනප්රිය නිළියකගේ නමක්! ඒ ගැන මට ටිකක් විතර පුදුමත් හිතුණා.  මෙතෙක් කල් නිළිය හැංගිලා හිටියෙ කොහෙද​? ඇය මාතුළ විද්යමාන වුණානං මින් පෙර මගේ යෙහෙළියන් නොකීවේ ඇයි? මට නිකමට හිතුණි.

ඒ වගේම  හිල්ඩා ගහ යට බංකුවේ තව පිරිසකුත් එක්ක වාඩිවෙලා හිටිය සිනියර් බෝයි කෙනෙක්,

"මොකද අපිට ඉඟ​? අර නිළිය වගේ හින්දද​?” කියලා කීව.

නිළිය කවුද කියලා මම දන්නෙ නෑ. කියනවා ඇහුණා විතරයි.

එතකොට එතැන හිටිය තව කෙනෙක්​,

ඒකී මොන බැල්ලිද​? මේකීනෙ..." කියලා නතර කළා.

ඒ පාර මම හැරිලා බලලා රවාගෙන යන්ට ගියා.

සමකාලීන ජනප්රිය පුද්ගලයින්ට, විශේෂයෙන් අයගෙ අනුරුවට සමානයයි සිතන්නට මිනිසුන් ගේ මනෝභාවයන් ගේ නම්යතාවක් තියෙනවා. මොනතරම් නම් එවැනි පොදු මනෝ භාවයක් ඇති කිරීමේලා විජය  කුමාරතුංග තරම් මෑත ඉතිහාසයේ කෙනෙකු නැති තරම් ​. ගොළු හදවතේ දම්මි වීමට මාලිනී ෆොන්සේකා වීමට අයගේ විලාසිතා කොපි කිරීමට යුගයේ තරුණ කොටස් බෙහෙවින් උනන්දුවූහ​. හන්තානේ කතාවේ ස්වර්ණාගේ සහ කලං ගේ විලාසිතා කොපි කිරීමට විශේෂයෙන් සරසවි මානවිකාවන් ස්කාෆ් භාවිතයටත් මානවකයන් ඇඟට හිර ඩෙනිම් කලිසමටත් අතිශය ප්රේමයක් දැක්වූහ​.           

එක්තරා වියපත්ශ්රී ලාංකික රජයේ උසස් නිලධාරියෙක්, වනවිටත් මැදිවිය ඉක්මවු පියකරු පෙනුමක් සහිත බිරිඳ සමඟ අප හමුවූ විටක මුලින්මතම බිරිඳ හමුවූ ආකාරය විස්තර කළා. 

කුරුළු බැද්ද film එක ආව දවස්වල තරුණ අපි හිතුවේම පුණ්යා හීන්දෙණිය වගේ ගර්ල් කෙනෙක් බඳින්න. හීන මැව්වා. ඉතින් මෙයා දැක්කම මට හිතුණා මෙන්න චාන්ස් එක කියලා. ඉතින් මං කතා කරලා ඇඳින ගෙන අපේ මහ ගෙවල් වලට කියලා තීන්දු කර ගත්තා. සමහරු අපේ යාළුවෝ පුණ්යා වගේ කියලා හිතාගෙන හිටියට අයගේ වයිව්ස්ලා කිසිම සමාන කමක් නෑ පුණ්යට. හිතාගෙන ඉන්නවා එහෙමෙයි කියලා”.

“දෑවැද්දක් අවශ්‍ය නැත්නම් දුප්පත් වුණත් ලස්සන කෙල්ලෙක් බඳින්න පුළුවන් රජයේ සේවකයෙකුට”​.

ඔහු සිනාසෙමින් කීවා.

ඒත් ඔහුගේ බිරිඳ පුණ්යාගේ පෙණුම හා කිසියම් සාම්යත්වයක් තියෙන්නට ඇති බව පෙනුනා. ඇයදබෙහෙවින් සුන්දරව ඉන්නට ඇතැයි බැලූ බැල්මට පෙණුනා.

සරසවි ගිය තුන්වන සතියේ විජේවර්ධනේ ඇගේ අවසාන වසර ගත කළ මගේ ඥාති සහෝදරියක් ඇය හමුවන ලෙස පණීවුඩයක් එවා තිබුණා. ඉතින් මම තනියම ඇයව හමුවීමට සෙනසුරාදාවක විජේවර්ධනේට ගිහින් ආපසු රාමනාදන් එන  අතරේ අරුණාචලම් එක කිට්ටුවදී සීනියර්ලා කාණ්ඩයක් මාව නවතනු ලැබුවා.  හත් අට දෙනෙක් ළඟ මම තනියම වුණාට මම හිනාවුණා.

“උඹ ප්රෙෂෙක් නේද​?”

ඔවුන් ඇහුවා

මම "ඔව්" කීවෙත් හිනාවෙවී.

“මොකෝ උඹ හිනාවෙන්නෙ අපි වාගේ උත්තමයට​?”

කෙනෙක් ඇහුවා.

“කොල්ලෙක් ඉන්නවද?”

ඔව්! මම කීවා.

"ඒකයි උඹ මෙහෙ කැරැකෙන්නෙ. කම්මලේ යකෙක්ද​?"

ආයෙත් ප්රශ්නයක්!

ඒවෙනකොට මම කම්මල ගැන දැනගෙන හිටියෙ නැහැ.

උඹ මෙහෙ කැරැකෙන්ට එපා. කම්මලේ උන්ට පෙන්නන බෑ කූල් බඩු!

“හ්ම්! මාරු වෙමු! මට දැන් යාහැකි බව හිසෙන් සඥාවක්කරමින් උත්තමයා කීවා. කොහොම වුණත් "කූල්" බඩු කියපු එක ගැන්නං මං සතුටුවුනා.

ඉක්මන් ගමනින් මම රාමනාදන් දක්වා ඇවිද ගෙන ආවා.

කෙනෙක් චීස් බෝලයක් වගේ පැහැපත් නං ලාංකිකයින් එයා ලස්සනයි කියනවා. එවැනි චීස්බෝල වලට වඩා කෙනෙකුගෙ අඟපසඟ හැඩහුරුකම අනුව කෙනෙකුගේ ලස්සන දකින්න්ට නැමියාවක් මාතුළ තිබූ බව මට මතකයි.

කරුවල ලීයකින් නිර්මාණය කරපු කැටයමක් අගයකරන්නට පුළුවන් මිනිස්සු සුදු පැහැය ගැන සැලකිළිමත් වන්නේ යටත්විජිත දායාදයක් විදියට විය නොහැකිද​? යුරෝපීයයන් ලංකාවට සංක්රමණ් වුණාට පස්සෙ, මිනිස්සුන් ගේ කුදු මහත් ක්රියාකාරකම් ඇතුළු හැකි කම්, උදාරම්කම් හමේ වර්ණය සමඟ සම්බන්ධ කොට අගයන්නට අපේ පැරැන්නන් හුරුවෙන්නට ඇත​. සත්යය නම්  ශිෂ්ඨාචාර වුණා යයි සැලකෙන සංස්කෘතියක අණසකට යටත්වූ යටත් වැසියන්වූ අප, ඔවුන් ගේ හමේ වර්ණයේ සිට ඇවතුම් පැවතුම් වගේම අපට වඩා වෙනස්, මනුස්ස කොට්ඨාශයක් දෙස බැලුවේ කුතුහලය මුසු නුහුරු බවකින්. ආසියාතිකයින් විදියට කුරක්කන් සහ සහල් පිටි රොටී කාපු අපි,  ගහේ තෙළිජ්ජ ටික බාගෙන බීව අපි, පුරුතුගීසි කාරයින් දිවයිනට ගොඩ බැස, පාන් සහ වයින් ආහාරයට ගන්නවා දැක​,  අපේ පරිසරයේ සහ එදිනෙදා ජීවන රටාව ආශ්රිතව තිරිවාණා ගල් සහ ලේ විදියට දැකීම අරුමයක් ​?

ඔය වගේ කෝටියක් හේතූන් නිසා හමේ වර්ණය මිණුම්දඬුවක් කරගත් දේ අනන්තය අප්රමාණය​. කෙනෙකුගේ ප්රසන්න පෙනුම අධ්යාත්මයේ ප්රසන්න බව පදනම්කරගෙන මණින්නට තරම් මනුස්ස සංහතියේ  බුද්ධිමය සහ අධ්යාත්මික සමබරතාවක් තිබිය යුතුයයි හැඟේ. කෙනෙකුගේ අධ්යාත්මික ගැඹුර වඩාත් තීව් වන විට ඇතිවන ශාන්ත බව සංයත හැසිරීම් සහ හැඟීම් උද්දීපනය වන ආකාරය කෙනෙකුගේ ප්රසන්න බව ඇතිකරනවානම් සුන් දරත් වය දකින්නට හැකිවන්නේද බෙහෙවින් සුළු පිරිසකට පමණි.

එනිසා අප බොහෝදෙනා පාවිච්චි කරන්නේ සුලභ මිණුම් දඬු බැවින් ඒවායේ වලංගුතාව බෙහෙවින් වැඩිය​. මිම්ම පුද්ගලානුබද්ධය​. අපේ ඇස්වලට පෙනෙන කෝණය අනුව තීරණයවනවා ඇත​. එනිසා කෙනෙක් ඔබ මණින්නට පාවිච්චි කරන මිණුම් ආසන්න වශයෙන් හරි බව මිස මුළුමණින්ම සත් බව නොඅදහන්නට හිත හදා ගැනීම වටී.

මල්ලිකා එම් බණ්ඩාර

No comments:

Post a Comment