(Facebook friendship request)
අද උදේ අවදිවෙලා මුහුණු පොතට කර පොවලා එබී බැලුවා. හත්
දෙයියනේ ‘Friendship request’ 121ක
ලිස්ට්
එකක්
මගේ
FB සටහන්
වෙලා
තියෙනවා. FB Admin කියනව "Accept or delete" කියලා
දැක්කම,
මට
හිතුණා
ඇයි
මේ
අය
“friendship”
ඉල්ලන්නෙ
කියලා.
මේ
ඉල්ලීම්
පිටුපස
විවිධ
හේතු
කරුණු
කාරණා
අන්තර්ගත
වෙලා
තියෙන
බව
පෙනෙන්ට
තියෙනවා.
සමහරු ‘request එක ‘conform’ කළදා ඉඳලා උත්සාහ කරන්නෙ අපිට බලහත්කාරකම් කරන්න. අපිව අත් අඩංගුවට ගන්න. ජීවිතේට අහලා නැති දැකලා නැති කිසිම සම්බන්ධයක් නැති අය තමයි 95%ක්ම. “Social media” යන වචනයේ තේරුම ගත්තොත් සමාජ මාධ්යයකට දැන ඇඳුනුම්කම් අවශ්යම දෙයක් නෙවෙයි තමයි. හොඳයි දුන්නම කියමුකො. ඉතින් එච්චරයි! එක වචනයක් කතා කරපල්ලා. දන්න භාෂාවකින් Hallo! Hi! කියලාවත්.එතකොට දෙවන පියවර මගෙනෙ. අපිට බැරිද ඊට පස්සෙ සුහදව කින්ද-මන්ද විස්තර කතා කරන්න.
තවත් අය “friendship”දුන්න ගමන් බ්ලොක් කරනවා. මගේ පේජ් එක “Scroll කරලා බලනවා. මගේ විස්තර දැනගන්නවා. ඉතින් එච්චරයි! සමහරු ගිජු කමක් දක්වනවා ඒ අය අහපු ඕපාදූප නැත්නම් තොරතුරු හරිද වැරැදිද කියලා තහවුරු කරගන්න. ඊට පස්සෙ ආයේ හාවක් හූවක් වත් නෑ.
තවත් සමහර අයට ඕන ඒ අයගේ ‘belief”එක අනික් අයට ඒත්තු ගන්නන්ට, නැත්නම් "බෞතීස්ම කරන්ට. බුද්ධාගමට, ක්රිස්තියානියට. එහෙම නැත්නම් අපි නිවනින් ඈත, ඒ අයනම් නිවනේ දොරටුවට ළං වෙලා. ඒ නිසා ඒ අයට ඕන අපිටත් නිවන් දොර ඇරලා දෙන දොරටුපාලයෝ වෙන්න. සමහරු කතා කරනව අපිට ගැලවීම ලබා දෙන්න. ඒ අය තමන් අදහන ආගමේ මූලික ඉගැන්වීම් පිළිපැදීම වෙනුවට, ඒ ඒ අයගේ ආගම අපිට උගන්වන්ට,"Come and walk with Jesus" කියනව. බුදුන් හෝ ජේසුස් කරන්ට කියපු දේ අනුගමනය හෝ අනුකරණය වෙනුවට ඒවා පැත්තක තියලා, අපිට චාරිත්‍ර වාරිත්‍ර ඉගැන්වීමට කතා කරනව. අනික් මනුස්සයා එයාගේ ආගම ජීවිතයට සම්බන්ධ කරගන්නේ මොනවිදියටද යන්න ගැන අබමල් රොනක තරම්වත් තැකීමක් නොකර මෑත කාලයේ ආගමික වතාවත් අතර ප්රචලිත ඇවතුම් පැවතුම්, පුද පූජා විධි ගැන අපිට දේශන පැවත්වීමට සමහරු දේශනා කරනව.
සාධුකාර දෙන්න පිංවත්නි කියනව. ආමෙන් කියන්න කියනව. රටේ ඉතිහාසයවත්, ආගමික ඉතිහාසයවත්, දේශපාලන ඉතිහාසයවත් හරිහැටි නොදැන, ඒ මදිවට මිත්යා මත වපුරන එක මදිවට, තමන් ගේ නොදැනුවත් කමට අනුන්ටත් අනුමෝදනා වෙන්න සලස්වන්න බොළඳ උත්සාහයක් දරනව.
21වන සියවසේ
දෙවන
දසකයට
එළඹ
ඇති
ලෝකයක
“internet”
එකේ
ඕනම
තොරතුරක්
දැන
ගැනීමේ
ඉඩකඩ
තිබියදී,
උගත්
නූගත්
භේදයකින්
තොරව
වැදගත්
නොවැදගත්
හැම
කුණුගොඩම
“Tag”
කිරීම,
තවත්
අය
කරන්නේ
අනික්
අය
නොදරුවෝ
කියලා
හිතාගෙන.එහෙමත් නැත්නම් Internet invent කළේ ඒ අය කියලා හිතාගෙන.
“Tag” අතර
සුභපැතුම්
පින්තූර,
පණ්ඩිත
වාක්‍ය
වගේම
තමන්
විද්යාත්මක,
දාර්ශනික
පොත
පත
පරිහරණය
කරන
කෙනෙක්
බව
පෙන්වීමට
අවශ්‍ය
උපුටා
ගැනීම්
ආදිය
කෙලවරක්
නැත.
මෙවැනි
වෙහෙස
කර
පොස්ට්
වලින්
හෙම්බත්වී
සිටින
මොහොතක
තවතවත්
ලිස්ට්
එක
දීර්ඝ
වන
දෙස
ඉවසීමෙන්
බලා
සිටිමි. අඩුම
ගණනේ
දෙතුන්
දහස
ඉක්මවූ
“Friend
list”
එකක්
පසුගිය
අවුරුදු
පාළොහකටත් වැඩි කාලයක්
තුළ
වර්ධනය
විය
හැකිව
තිබුණ
මුත්,
වරින්
වර
විස්සේ
තිහේ
ලැයිස්තු
“delete”
කරන්නට
කීවාරයක්
සිදුවීද?
තවත් සමහරු “ friendship” දුන්න ගමන් "messenger calls" දෙනවා. වෙලාවක් කලාවක් බලන්නෙ නෑ. රෑද දවල්ද කියලා අවබෝධයකින් තොරව “call” කරනවා. එහා පැත්තේ ඉන්න මනුස්සයා මොන රාජකාරියක නිරතවෙලා ඉන්නවද කියලා කල්පනාවක් නෑ. සමහර වියපත් තනිකඩයෝ පාළුකපන්ට කෙනෙක් හොය හොයා ඉඳලා වෙන්න ඇති රෑට “calls” දෙනවා. අර පැල් රකිමින් හිටිය ගමරාළගේ පැලට ගොඩවැදුන හොරිකඩ සිංහයාට අහුවෙච්ච ගමයාට වගේ, ඒ අයට නින්ද නොයන නිසා අපිටත් හොරි කහ-කහ ගිනි පිඹ-පිඹ ඉන්ට බල කරනවා. පුංචි කාලෙ අපි අහලා තිබුණේ, ගමයා ගිනිහුල කොටියගේ පස්චාත් භාගයේ තියපු බව.
රෑ දහයෙන් පස්සේ
දුරකථනයට
පිළිතුරු
නොදෙන
තරමට "මෛත්රී"
තීරණය
කරන්ට
ඇත්තෙත්
මොනතරම්
නම්
බුද්ධිමත්
විදියට
හිතලා
වෙන්ට
ඇද්ද?’
කියලා
එහෙම
වෙලාවට
මටත්
හිතෙනවා.
රාජ්‍ය
නායකයෙකුට
තම
රාජකාරියට
දිවා
රාත්රී
නොබලා
තම
නිලයට
අදාල
යුතුකම්
වගකීම්
වෙනුවෙන්
කැප
වියයුතු
නමුත්,
ඔහු
රෑ
දහයෙන්
පස්සේ
නිදාගෙන,
උදේ
නිදි
ලොවෙන්
පියෙවි
ලොවට
පැමිණ,
රෑ
දහයෙන්
පස්සේ
ලෝකය කැරැකුණාද, නතර වුණාද කියලා නොදැන, ලෝකෙට
වුණේ
මොනවාද
කියලා
පුවත්පත්
වලින්
දැන
ගන්න
තීරණය
කරපු
එකනම්
හොඳම
ආදර්ශයක්
කියලා
හිතෙනවා. මිත්‍රකම් හොඳය. එහෙත් ඇණයක් වීම?
මල්ලිකා එම් බණ්ඩාර
23. 08. 2020
No comments:
Post a Comment