Sunday, 16 August 2020

කාන්තා දේශපාලන නියෝජනය සහ අපි

 

ශ්රී ලාංකික කාන්තාවන් ක්රියාකාරී දේශපාලනයට පිවිසීම   යුගයේ අවශ්යතාවක් වී ඇති නමුත් කාන්තා නායිකාවන් දෙස සමාජය තාමත් බලන්නේ විජිගීසාවකිනි. ප්රධාන දේශපාලන පක් දෙකට අයත් වැන්දඹුවන් සහෝදරියන් දියණියන් හැරුණ විට  උගත් බුද්ධිමත් කාන්තාවන්ට දේශපාලනය අකැපවූ සේය​. කාන්තාවන් දේශපාලනයට සම්බන්ධවූ මුල් අවධියේ පවා දේශපාලනිකව ක්රියාකාරී කාන්තාවන් නියෝජනය කළේ සමාජයේ "උසස්"යයි සම්මත පරම්පරාවලින් පැවත පිරිස්​. අද එදාටත් වඩා සාමාන් පවුල් වල දියණිවරු උසස් අධ්යාපන සුදුසුකම් සහ දැනුම සහ ජාත්යන්තර අවබෝධයෙන් පරිපූර්ණව සිටින නමුත් ලාංකික දේශපාලන සංස්කෘතිය විසින් ඔවුන් අධෛර්යයට පත් කර ඇත​.වර්තමානයේ සමාජය දෙස පුළුල් අවබෝධයකින් යුතුව බලා සමාජ අවශ්යතා හඳුනා ගැනීමටත්, ඒවා සාක්ශාත් කර ගැනීම සඳහා උගත් බුද්ධිමත් කාන්තාවන් ගේ සහභාගිත්වය නීතිසම්පාදන කාර් සඳහා දායක කර ගැනීමට  පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් දේශපාලන ආයතන වලට කාන්තාවන් තෝරා පත් කර යැවීමට ජනතාව උනන්දු විය යුතුව ඇත​.

1931 වැනි ඈත කාලයක රාජ් මන්ත්රණ සභාව හෙබවූ කාන්තාවන් දේශීය නීති සම්පාදන කාර්යයට සම්බන්ධවී මෙරට කාන්තා ජන ජීවිතයේ ප්රගමනය සඳහා නායකත්වයදී කළ මෙහෙවර ඉතිහාසයේ සටහන්වී ඇත​. කාන්තා නියෝජනය පුළුල්කිරීම සඳහා ඉදිරිපත් වීම, ඉදිරිපත්වූ කාන්තාවන්ට දිරි දීම අපේ වගකීම සහ යුතුකම යයි මම සිතමි.කාන්තා සුභසාධනය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට තරම් සුදුසුකම් ඇති, අවබෝධයක් ඇති උගත් බුද්ධිමත් ගැහැණුන් බහුල රටක විෂය භාර ඇමතිධුරය සඳහාපාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයක් තිබියදී පවා, වරක් පිරිමි ඇමතිවරයෙකු පත් කිරීම මොනතරම් ගැහැණු සංහතිය අවතක්සේරු කිරීමක්ද​?

කාන්තාවගේ දෛනික ජීවන අවශ්‍යතා සහ සමාජ ආර්ථිකගැටළු පිළිබඳ අවබෝධයක් ඇත්තේ තවත් ගැහැණියකටය​. සාමාන්‍ය ජන ජීවිතයේ ධනාත්මක බලපෑමක් ඇති කිරීම කෙරෙහි නීති සම්පාදක ආයතන වල කාන්තා නියෝජනය පුළුල් වීම ප්‍රබල සාධකයක් වෙනු ඇත​. එදිනෙදා වේල පිරිමසා ගන්නට නොහැකි මව් වරුන් කරවිල තම්බා වේල සරිකර ගැනීම ගැන ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු නැද්ද​?  දරුවන් හත් අට දෙනෙකු හදා උන්ගේ කුසපොතු පුරවන්නට, උන්ගේ නිරුවත හරි හමන් රෙදි කඩකින් වසන්නට අසමත්, අඩු ආදායම් ලබන දෙමව්පියන් කටු මැටි පිරියම් කළ, මළකඩ ටකරමකින් නැත්නම්, ඉටිරෙදි හෝ ගෝණි පඩංගුවකින් ආවරණය කළ පැල්පතේ ජීවත් වෙන අතර අවුරුදු හැත්තෑ දෙකක් තිස්සේ අපේ මාතෘ භූමියේ සාරය ලේ මාපිලුන් මෙන් උරා බීපු දේශපාලකයින් සිහසුන් ගත කරන්නට එවැනි වැඩිහිටියන්මවෙර දරන්නේ මොන පාප කර්මයක් නිසාද​? මේ දශක හත පුරා අපි ජාත්යන්ධයින්සේ 1948 න් පසු පැවැත්වූ සෑම මැතිවරණයේදීම හැසිරී ඇත්තෙමු.

යමක් ගැන සිතන්නට විමසන්නට අන්ධ භක්තියෙන් පිළි නොගෙන  විවේචනාත්මකව සත්යය පිරිසිඳ දැනගන්නට දිරි දෙන, ධර්මක් දේශනා කළ ලෝකයේ ශ්රේෂ්ඨ ශාස්තවරයෙකුගේ ඉගැන්වීම් වලින් පරිපෝෂිත අවුරුදු දෙදහස් පන්සීයකටත් වඩා දීර්ඝ​ ඉතිහාසයක් ඇති අප තවමත් ප්රාථමික යුගයේ මිනිසුන් ලෙස මිත්යාව කරපින්නා ගෙන 21වන සියවසේත් දශක දෙකක් දක්වා ඇවිත් සිටිමු. නූගත් දේශපාලකයින් ඔබේ ඇස් අන්ධ කර ඇති බව ඔබට නොවැටහේ. ඔබේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු සනුහරයට වඩා ප්රධාන පාට දෙකකින් යුත් කඩමාල්ලකින් අපි දෑස් බැඳ ගෙන මෙතෙක් දුර ඇවිත් තිබෙන්නේ, රැලේ අන්ධ​ නායකයින් පසු පස ඇදෙන ගොන් නාම්බන් නෑම්බියන් විදියටය​. ? මේ රටේ කප්පරක් උගතුන් පවා නූගත් අඳබාල කට හැකර මිනිසුන් ගේ ගැහැණුන් ගේ ප්රලාප දේව වාක් ලෙස සලකන්නට, ඒවා අභිබවා හ්ම්! හඬක් නොනඟන්නට කීකරු ගැත්තන්වී සිටිම  පිළිබඳව​ ඇත්තටම අපිට ලැජ්ජා නැද්ද​?

ඒකට අපට හුරු පුරුදු වූ ඓතිහාසික පසුබිමක් තිබේ. අපි කොහොමටත් පෙරහැර බලන්නට කැමතිය​. පෙරහැරේ යන විසිතුරු ලෙස සැරැසිලි කළ අලි ඇතුන් සහ වාදක නාටක රංගනබලන්නට අප කැමතිය​. ඒත් පෙරහැර බලන්නා පෙරහැරේ අඩුපාඩුද දැකිය යුතුය​. විශේෂයෙන් රජවරු පෙරහැරේ යන විට අප ඔවුන් දෙස බලා සිටින්නට කැමැතිය​. රජා නූල් පටක්වත් නැතිව පෙරහැරේ යන බව දකින්නේ කුඩා දරුවන් පමණි. කුඩා දරුවන් ගේ සිත් නිර්මලය​, පවිත්රය​. සියවස් ගණනාවක් තිස්සේ සංස්කෘතිය යයි මවා පෙන්වන ගොමස්කඩයෙන් දරුවන් ගේ සිත් මනස් දුර්වර්ණවී නැත. ඔවුන් දකින්නේ ඉර හඳ තාරකා ගහ කොළ සතා සීපාවා පවා ඒවා සැබෑවටම පවතින ආකාරයෙනි. දරුවන් ගේ මනස් අව්යාජය​. අව්යාජ සිත/මනස බුද්ධිමත් ​. බුද්ධිය සත් දකින්නට සමත්​. ඒත් බොහොමයක් වැඩිහිටියන් ගේ මුළු ආත්මයම මඩගොගොරුවක් සේ පල්වී ඇත​. මඬේම එරී සිටීමට ප්රිය කරන්නට තරම් ගඳ සුවඳ දැනීමේ සංවේදීතාව ඔවුන් කෙරෙන් ගිළිහී ඇත

අනෙකුත් බොහෝ රට වල මෙන් අපේ රටේ දේශපාලකයින් විසින්ද මිනිසුන් ගේ සිත් දූෂණය කරනු ලබයි. අපේ රටේ තරම් දූෂිත දේශපාලකයින් සහ ඔවුන් ගේ ප්රලාප වලට ආලප් කරන මනුස්ස කොට්ඨාශයක් තවත් ඇද්ද​? ආසියාවේ ඉහලම සාක්ෂරතා මට්ටමක සිටිනවා යයි පාරම්බාන අපි, මැතිවරණයකදී අපේ දේශපාලන හැසිරීම අතදරුවන්ටත් අන්තයයි කීම නොදරුවන්ට කරන අපහාසයකි.

දශක හතරක් තුළ මා උපන් රටේදී මගේ සර්වජන චන්දබලය පාවිච්චිකර ඇත්තේ දෙවරක් පමණි. එක්වරක් චන්දය දීමෙන් වැළකී සිටියෙමි. තෝරාගත හැකි ප්රතිපත්ති මාලාවක් හෝ පුද්ගලයෙකු නොමැති විටක මා සතු "democratic rights”  අත හරින්නට මම හිත හදා ගතිමි. අවුරුදු විස්සකට ආසන්න කාලයක් දේශපාලන විද්යා ගුරුවරියක, ගුරුඋපදේශිකාවක සහ සම්පත් පුද්ගලයෙකු ලෙස අධ්යාපන අමාත්යාංශයට සහ මහනුවර අද්යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කර ලද අත්දැකීම් අනුව, දේශපාලන මූලධර්ම සහ ඒවායේ ප්රායෝගික බව,  පිළිබඳ මා ලත් අවබෝධය දැනුම සහ අත්දැකීම් වලට අනුකූලව​ මගේ දේශපාලන නිදහස පාවිච්චි කරන්නට හෝ නොකරන්නට මම හිත හදා ගතිමි.

හොරුන්ම දූෂිතයින්ම​, දීර්ඝකාලීනව තමන් පමණක් නොව පරම්පරා තුනක් පමණ රවටන්නට යෙදුන පක් හෝ කණ්ඩායම් සහ ඒවාට අරක්ගෙන සිටින භූතයින් සහ බහිරවයන්ගෙන් නිදහස් වෙන්නට  දුම්මල ගසා නොව තමන් සතු ප්රජාතන්ත්රවාදී අයිතිය වූ කතිරයෙන් ඔවුන් දුර්මුඛ කරවන්නට තරම් ආත්ම ශක්තියක් නැත්නම් එවැනි නිවට ජන කොටසක් දිගින්  දිගටම මේ සාපය තම දරු මුණුබුරන්ටත් අත්විඳින්නට සලස්වනු ඇත​. පක්ෂය ආගමක් වූ විට පක්ෂය කුලයක් වූ විට මිනිසුන්ට ගැලවීමක් අපේක්ෂා කළ නොහැකිය​. මිනිසුන් තම ශාස්තෲන් ලෙස සලකන්නේ තමන් විශ්වාස කරන දේශපාලක පැළැන්තිය මිස උපන් දේශය​, තම පවුලේ සහසම්බන්ධතා, තම දූදරුවන් ගේ අනාගත සුරක්ෂිතභාවය නොවේ. දේශපාලන පක්‍ෂ විසින් සමාජයේ පැවැත්මට අදාල සහ සම්බන්ධතා කඩා බෙදා කීතු කීතු වලට ඉරා දමා ඇත​. සමාජ ව්‍යුහයේ පහල ස්ථරය මේ විච්ඡේදනයේ සියළුම ආකාරයේ අවාසි එදිනෙදා ජීවිතයේදී අත්විඳින අතර ඉහල  ස්ථරය දෙපිලකට සංවිධානයවී අත්තම් ක්‍රමයට බල හුවමාරු කරගනිමින් පුරා වසර හැත්තෑදෙකකට වැඩි කාලයක් තිස්සේ රට විනාශයේ අගාධයට හෙලා ඇත​.

ආගමික විශ්වාසයත් දේශපාලන විශ්වාසයත් දෙකම එක් පාර්ශවයකට ගැලවීම දෙන සහ තවත් පාර්ශවයකට අපාදුකට ඇද දමන ප්රවාහයක් බඳුය​. එනිසා මේ ද්විත්වයම සම්බන්ධයෙන් අපි අන්ධ භක්තියෙන් නොව බුද්ධිමය තක්සේරුවකින් යුතුව විශ්වාසය පවත්වා ගත යුතුව ඇත​. මක්නිසාද​, මේ දෙකෙහිදීම අපිට වරණයක් ඇති බැවිණි. වරණය, චන්දයෙන් (කැමැත්තෙන්) අගතියට යාමක් නොවිය යුතුය​.

නීතිය සම්බන්ධයෙන් පුළුල් විෂය දැනුමක් නැති නමුත්  නීතිය සාධාරණය​, සමානය​. යුක්තිය පසිඳ ලන්නේය යන පූර්ව නිගමනයෙහි මම රැඳී සිටිමි. අධිකරණය සහ යුක්තිය පසිඳලීම ගැන කතා කරන විට කළු රෙදිකඩකින් දෙනෙත් වැසූ, කඩුව සහ තුලාව අත දරා සිටින කන්යාවිය සංකේතවත් කරන්නේද නිතියේ පාරිශුද්ධ භාවයයි. එහෙත් ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන  සහ ලිංගික අපහරණ වාර්තාගත අන්දමින් ඉහල ගොස් ඇති අතර කාන්තාවන් ලිංගික අඩම්තේට්ටම් වලට ලක්වීම තම නිවසේදී, මහ මඟදී වැඩපොලේදි ගුරුදේවතාවුන් වැඩ හිඳින පාසලේදී පවා, ගැහැණියට දැරියට හෝ දරුවාට මුහුණදෙන්නට සිදුවන අසාධාරණය හමුවේ කෙතෙක් දුරට නීතියේ පිරිසිදු කන්යාව නිවැරැදිව කිරා මැන බැලුවාද බලන්නට ඇයට නිදහසක් ඉස්පාසුවක් තිබුණාද යන්න ප්රශ්නාර්ථයකි.

ශ්‍රී ලාංකික අධ්යාපන ක්ෂේත්රය තුළ අපේ දරු පරපුර මුහුණ දෙන ගැටළුවලට පිළියම් සෙවීමට පිළිබඳ දැනුම අවබෝධය සහ අත්දැකීම් බහුල, උගත් බුද්ධිමත් කාන්තාව  රටේ  නීතිසම්පාදන කාර්යයට සහභාගි කිරීමේ කාලෝචිත මෙහෙවරට සැබෑ දෙමව්පියන් වශයෙන් දායකවියයුතු වෙමු.

දේශපාලන ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය දිනාගත් පසුව රට මෙහෙයවියයුතු කුමන දිසානතියකටද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් කිසිම දේශපාලන කණ්ඩායකමට හෝ පුද්ගලයෙකුට තිබීනැත​. ජාතික නිදහස් ව්යාපාරය මෙහෙයවූ බොහෝ දෙනා දේශපාලනයට අවතීර්ණවූයේ තම පරම්පරාවෙන් උරුම ධනය නිසා අත්විඳින්නට ලැබුණ සුඛෝපභෝගී ජීවිතය හා සබැඳුන  විනෝදාංශ වශයෙනි. සාමාන් සමාජයෙන් මහජන නියෝජිතයින් බිහිවූයේ නැති තරම් ​. මේ නිර්ණායකය පසු කාලීනවද දේශපාලනයට පිවිසීමේ ප්රධාන ද්වාරය විය​.

සාමාන් පන්තියෙන් දේශපාලන නායකයින් බිහිවීම සමස්ත සමාජය විසින්ම ප්රතික්ෂේප කරන තරමට සාමාන්ය්කරණය විය​. රටේ උතුර දකුණ හෝ නැඟෙනහිර බැලුවත් දේශපාලන අංකුර මතුවන්නට ඇති ඉඩ කඩ සීමිතය​. පහුගිය දශක දෙකක තරමේ මෑත ඉතිහාසය  සමාජයේ පහලම මට්ටමේ නූගත් සමාජ විරෝධී ව්යාපාර වලින් ධනවතුන්වු  මැරයින් ප්රධාන දේශපාලන පක් වල ආශිර්වාදයෙන් නාම යෝජනා ලබාගත් අතර ප්රජාතන්ත් විරෝධී පාර්ලිමේන්තු සම්ප්රදායට බෙහෙවින් අහිතකර බලපෑම් කළ හැකි බලපෑම් කණ් ඩායම් ලෙස ඔවුන් කැපී පෙනෙන්නට වීම, සමාජ දේශපාන සහ සංස්කෘතිකමය වශයෙන් සමස්ත සමාජය කඩා වැටීමකට බෙහෙවින් බලපාන්නක් විය​.

නිදහස් ශ්රී ලංකාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ හැකි දේශීය උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින්  බිහිවීමට තිබූ ඉඩකඩ ඉතාමත් අවාසනාවන්ත ලෙස අපෙන් මඟ හැරුණ බව අප පිළිගත යුතුව ඇත​. සමාජ තරාතිරම සහ පන්ති භේදයකින් තොරව උගත්තරුණ කොටස් දේශපාලනයට සම්බන්ධකර ගැනීමෙන් ලබා ගත හැකිව තිබූ  ප්රශස්ත පලදායීතාව,  සම්ප්රදායික වැඩිහිටි පරපුර විසින් බල ලෝභීත්වය කරණකොටගෙන යටපත් කරණු ලැබිණි.

චිරාත් කාලයක් තිස්සේ, පටු අදූරදර්ශී දේශපාලන දැක්ම සහ ධන​, කුල සහ පවුල් බලය පදනම් කර ගත් සුදුසුකම් දේශපාලනයට පිවිසීමේ නිර්ණායකයන් ලෙස අනුගමනය කරන ලදී. දේශීය උගත් තරුණ පිරිස සමාජයේ මුල්බැසගත් විවිධ මිණුම් දඬු පදනම් කර ගෙන යටපත් කරන්නටත්, නිහඬ කරන්නටත් පාදක වන පරිසරයක් තුළ  තරුණ පරපුර වැදගැම්මක් නැති පිරිසක් බවට පත් විණි. දේශීය ආර්ථිකය ගොඩ නැඟිය හැකි අධ්යාපන ප්රතිපත්තියක් සම්පාදනය කිරීමට තරම් කළමනාකරණය කර ගැනීමට අපෝසත් වීම ජාතික වශයෙන් දැවන්තපරිහාණියකටඇදවැටීමකට මඟ පාදන ලදී.

දේශයේ තරුණ පිරිස දෙවතාවක් උතුරේ සහ දකුණේත් පැවති දේශපාලන ආකෘතියට එරෙහිවූයේ ඇයිද යන්න අදටත් ප්රධාන දේශ්පාලන පක් හෝ එදා මෙදාතුර ජනනායකයින් සැලකිල්ලට ගන්නේම නැත​. වැඩිහිටියන්ට එරෙහිව තරුණ කොටස් අවි ගැනීම යනු පරම්පරා දෙකක් අතර ඇතිවන අරෝවකට වඩා එහා ගිය ප්රපංචයක් බව වටහා ගැනීමට තරම් අදත් වගකිවයුතු පිරිස් අසමත්වී ඇත.​ අංකුරය මතුවුණේ කොහොමද යන්න සොයා බලනවාට වඩා තාවකාලික පැලැස්තර අලවමින් වර්තමාන සබුද්ධිකයින් යයි කියා ගන්නා පාලන පැළැන්තිය මතුවු පැළෑටියේ අතු රිකිළි කප්පදු කර දමන්නට  මිස ප්රශ්නය දෙස විචක්ෂණශීලීව බලන්නට අදත් මැළිකමක් දක්වයි.

රාජ්යත්වය පරම්පරාවෙන් උරුම වෙන ආකාරයට ප්රජාතන්ත්රවාදී මූලධර්ම වල ආකෘතිය අපයෝජනයෙන් දේශපාලන බලයද පවුල වටා සංකේණ්ද්රගත කිරීමට දරන උත්සාහය නින්දා සහගතය​. ජාතියේ ජීවනාලිය වන තරුණ පරපුරේ කොඳු නාරටිය කඩා දමා  ඇති අතර තරුණයින් මහළු දේශපාලකයින් ගේ සහ ඔවුන් වටා ගොනුකර ගෙන ඇති වටයේ ආරක්ෂාව සඳහා පඹයින් ලෙස ස්ථානගත කර තිබීම ලැජ්ජා සහගතය​.

මෙහි ඇති වඩාත් සෝචනීයත්වය වන්නේ තරුණ, වැඩිමනත් තරුණ පිරිස් පවා තමන් වටා එළන ලද දැළක තමන් පැටලී ඇති බව තේරුම් ගන්නට අපෝසත් වීමයි. විසිඑක්වන සිය වසේ දෙවන භාගයේ සමස්ත ලෝකය තම අත්ලෙහි භ්රමණය වෙද්දී ලෝකය සහ එහි ක්රියාකාරකම් දෙස විවෘතමනසින් බලන්නට තරම් ඔවුන්  ගේ විචක්ෂණඥානය මායා දැළකින් වැසීලාය​. එම තිමිර පටලය කඩා දමන්නට තරම් ආත්ම ශක්තියක්  හෝ කොඳු නාරටියේ සෘජු බවක් නැත​. උගත් නූගත් සියළු දෙනාමසාර් පරපුරේ නැත්නම් ලුවී පරපුරේ ආධිපත්යයට යටත්වූ ප්රවේණි දාසයින් ​. යම් දවසක අපේ දරු පරම්පරාව අද අපි අවිඥානිකව සිටීම පිළිබඳ අපටම සාප කරනු ඇත​. අප සඳහා සියළු සුදුසුකම් සපුරා සිටින්නෙමු.

 

මල්ලිකා එම් බණ්ඩාර

1. 08. 2020

 

 

No comments:

Post a Comment