සේද වළා මැදින් නිදන
නුඹත් මමත් පිළිසඳරෙක
වදන් නොමැති නෙතින් දොඩන
සිහින් රලක් වගේ ඇවිත්
වළා බැම්ම මත ඉහිරෙන
හිනා රොදක් මුවග ඇඳෙයි
කුමුදු මලක්සේ පිබිදෙන
රෑ මැදියම ගිමන් නිවා
කඳු මුදුණින් මුදා හරින
උදැනැක්කේ නිල්දිය මත
රන් කහවනු වැස්ස වහින
අරුණැල්ලේ නැවුම් පහස
තුරු පත් මත හාදු බෙදන
නිමේශයක අත්වැල් බැඳ
අපි දෙන්නා යමු පියමැන
මල්ලිකා එම් බණ්ඩාර
16. 06. 2023

No comments:
Post a Comment