මුතු කුඩ ඉහලන මුතු වරුසාවේ
අතු අග සොලවා මල් මුවරද ඉසිනා
රන් රසු දැල් කෝකිළ ගී සැලෙනා
කන්කළු අනුරාවේ
බාධක ඉදිකඩ පියමං කරනා
ආදර මීමැසි ජනපද වැසියෙනි
සටන් කරනු මිස කුමට පලායනු
යෞවන හෝරාවේ
පාවාඩ අතුරා නැති මාවත ගොස්
කඳුළින් වපුරා අස්වනු ලද දා
ජය සක පිඹලා සව්දිය පුරලා
මියුරස වළඳමු පමුදිත මදිරාවේ
මල්ලිකා එම් බණ්ඩාර
27. 06. 2023
No comments:
Post a Comment