අදත් සොහොන් කොත යාබද දවට ගහේ ලැග ඉඳලා
නැළවිලි ගී මුමුණනවද දුරදිම මා එනු දැකලා
කෝකිල ගී හඬ ඉහිරෙන දෙණිපෙත ළඟ මඟ රැකලා
ගයාපන්න තව ගීයක් මගෙ දුක යන්නට මැකිලා
මහ නුගරුක් සෙවනැල්ලේ සිහිළැල් ඇකයේ හොවලා
මට ජීවය දුන්දා සිට මව් සෙනෙහස කිරිවැදිලා
අතැඟිළි අග එල්ලීගෙන මගෙ පණ නලසේ බැඳිලා
උදේ හවා ඇවිද ගියේ මේ බිම්කඩ පහුකරලා
උඳුපියලිය පළසක් සේ මගෙ සුව විහරණ පතාන
ලේ කිරි පෙව්වා පමණද අපමණ දහ දුක් දරාන
නුඹට වැහුණ දොර අරින්න මා ගැන පෙරුමන් පුරාන
සුසානයෙත් නිදි වැරුවේ දරු දුකටද අඟිරිගාන
මල්ලිකා එම් බණ්ඩාර
21. 07. 2017
No comments:
Post a Comment