Tuesday, 20 June 2023

අවන්හලේ යෞවනිය​

 

ඉන්ද්‍රනීල​ නෙතු සඟළේ දුටු දන මන බඳිනා

ඉන්ද්‍රඡාප​ සිනා කිරණ​ අවන්හලේ පිපෙනා

බමර දැළින් වටලන රන් මසු දහසක් වටිනා

වියරු සිනා බීර මලක මත් මුවරද බෙදනා

ටිකිරි ළඳුනි නුඹට මෙතැන​ - තැනක් නොවෙයි ඔබිනා

 

විසිරෙන ගිනිපුළිඟු නෙතින් නුරා බැලුම් හෙලනා​

තෙපලන කෙළිකවට චාටු බස් වෑහෙන​ මතිනා

වන වදුලේ තුරුමුදුනේ ගිරිකුළුමත පිපෙනා

උඩවැඩියා මලක් වෙලා රොන්සුණු වැල් සලනා

ළපටි ළඳුනි, නුඹට මෙතැන​ තැනක් නොවෙයි ඔබිනා

 

ළවන් තලා පීරාගෙන සිනා ගඟුල් ඇදෙනා

ඉන්ද්‍ර ජාල දුනු දිය ඇද​ මල් හීසර විදිනා

රන් කහවනු මඩිස්සලේ රන්‍ රසු දැල් හඬනා

මන මෝහණ බස් කියාවි නුඹ දැපනේ වැටෙනා

ටිකිරි ළඳුනි, නුඹට මෙතැන​ තැනක් නොවෙයි ඔබිනා

 

මල්ලිකා එම් බණ්ඩාර​

15. 06. 2023

No comments:

Post a Comment